hit counter

2025 ඔක්‍තෝබර් මස 27 වන සඳුදා

2025 ඔක්‍තෝබර් 28, පෙ.ව. 12:08



අපිට එක විසිල් එකට ගෙන්නන්න පුළුවන් පොහොට්ටු ජනතාවක් ඉන්නවා කියන එක මතක තියාගන්නා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්ක කොට්ඨාශ සංවිධායකවරුන්ට පත්වීම් ලබාදීමට එක්වෙමින් ඉන්දික අනුරුද්ධ සඳහන් කළේ,

“දැන් තියෙන ආණ්ඩුව අපිට නතින්. අපේ මේ ඉන්න අය ගම්වල වැඩ කරපු අය. අපි අවුරුදු ගණනාවක් මේ රටේ සංවර්ධනයට මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක සෘජුව දායක වෙච්ච අය.

මේ ඉන්න පොඩි සභාපතිවරු එක එක්කෙනාට කියන්න පුළුවන් අපිට පුරවන්න පුළුවන් මෑන් පවර් වලින් කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ මෑන් පවර් වලින් වැඩ ගත්තු අය එහෙම කියද්දි තමයි දුක.

අපිට එක විසිල් එකට ගෙන්නන්න පුළුවන් පොහොට්ටු ජනතාවක් ඉන්නවා කියන එක මතක තියාගන්න කියන එක අපි කියනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: