hit counter

2025 පෙබරවාරි මස 07 වන සිකුරාදා

2023 ජනවාරි 10, පෙ.ව. 11:26



විදුලි ගාස්තු නැවතත් ඉහළ දැමීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සහ බලශක්ති සංරක්ෂණ ජාතික කමිටුව එක්ව හැට නව ලක්‍ෂයක අත්සන් ලබාගත් මහජන පෙත්සම ඊයේ (09) පෙරවරුවේ මහජන උපයෝගිතා කොමිසම වෙත බාරදුන්නා.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ විදුලි ගාස්තු ඉහළ නැංවීමටත් මේ මොහොතේ කිසිසේත්ම අනුමැතිය ලබා නොදෙන බවයි.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව යෝජනාවලියක් ඊයේ පස්වරුවේ තමන්ට ලැබුණු බවද ජනක රත්නායක මහතා කියා සිටියා.