hit counter

2025 මැයි මස 10 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 14, පෙ.ව. 5:10



කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය හරහා නෙදර්ලන්තයේ රැකියා දෙන බව පවසමින් එම අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ව්‍යාජ අස්සනක් සහ අමාත්‍යංශ ලිපි ශීර්ෂයක් භාවිත කරමින් මුදල් රැස්කරන ජාවාරමක් ක්‍රියාත්මක බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශය ජාවාරම්වරුවන් සොයා පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය පවසනවා.

එම ජාවාරම්කරුවන්ට හසුනොවන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව කී එම අමාත්‍යංශය සඳහන් කරන්නේ එම අමාතයංශය විදේශ රැකියා සඳහා කිසිඳු පුද්ගලයෙක් යොමු නොකරන බවයි.

නීත්‍යානුකූල ලියාපදාංචි විදේශ රැකියා නියෝජිත ආයතන පමණක් පුද්ගලයන් රැකියා සඳහා පිටත්කර යවන බවත් එම අමාත්‍යංශයේ ලේකම්වරවයා රැකියා සඳහා කිසිඳු ලිපියකට අස්සන් කර නොමැති බවත් එම අමාත්‍යංශය වැඩි දුරටත් පවසනවා.