hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2025 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:09



සිය බලතල නීති විරෝධී ආකාරයට භාවිත කරමින් පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ අනවසරයෙන් ඉදිකරන ලද ගොඩනැගිලි ඉවත් කරගන්නා ලෙසට හිටපු උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත්ගේ බිරිඳ වන අජන්තා රූපසාරි හේරත්ට ලිඛිතව දැනුම් දී ඇත.

වැව් රක්ෂිතයේ අනවසරයෙන් ඉදිකරන ලද හෝටලයක් සහ ගොඩනැගිලි මසක් ඇතුළත ඉවත් කර ගන්නා ලෙසට මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක විසින් අජන්තා රූපසාරි හේරත්ට ලිඛිතව දැනුම් දී ඇත.

රජයේ ප්‍රතිපත්තියක් අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් රක්ෂිත මායිම් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති පසුබිමක මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

පෙරමියන්කුලම වැවේ මායිම් මැනීමේදී හිටපු ආණ්ඩුකාර මහිපාල හේරත්ගේ බිරිඳ විසින් මෙම හෝටලය ඉදිකර ඇත්තේ නීත්‍යානුකූල ලියකියවිලි නොමැතිව බව මේ වනවිට අනාවරණය වී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: