hit counter

2025 ඔක්‍තෝබර් මස 20 වන සඳුදා

2025 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:04



පසුගිය පෙබරවාරි (18) වනදා රාත්‍රියේ සිදුවු අරුණ ප්‍රියන්ත විදානගමගේ නොහොත් මීගස්ආරේ කජ්ජාගේ ඝාතනය පිළිබඳව තවත් කරුණු කිහිපයක් අණාවරණය වී ඇත.

මෙම ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවන් කිහිපදෙනෙකුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රදේශීය සභා අපේක්ෂක සම්පත් මනම්පේරි නැමැත්තාගේ සහායකයින් බවට හදුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

මීගස්ආරේ කජ්ජා සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනයට යොදාගත් ගිනිඅවිය පොදුජන පෙරමුණේ හිටපු ප්‍රදේශීය සභා අපේක්ෂක සම්පත් මනම්පේරි විසින් ලබාදී තිබු බව සිදුකළ විමර්ශන වලදී අනාවරණය විය.

මීගස්ආරේ කජ්ජා සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය කළ වෙඩික්කරු රොෂාන් නම් පුද්ගලයෙක් බව පොලීසිය මේ වනවිට අනාවරණය කරගෙන ඇත.

ඔහු පොදුජන පෙරමුණේ හිටපු ප්‍රදේශීය සභා අපේක්ෂක සම්පත් මනම්පේරිගේ නිවසේ ඉදිකිරීමක නිරත වු අයෙකු බව සඳහන් වේ.

මීගස්ආරේ කජ්ජා ඝාතනය කිරීමට පෙර ඔහු ගමන් ගත් මාර්ග පිළිබඳව ඔත්තු ජීව නැමැති සැකකරු සම්පත් මනම්පේරිගේ බස් රථයේ සේවය කළ අයෙකු බව විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රදේශීය සභා අපේක්ෂක සම්පත් මනම්පේරි මේ වනවිට බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන කොට්ඨාශය භාරයේ පසුවෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: