hit counter

2025 නොවැම්‍බර් මස 22 වන සෙනසුරාදා

2025 නොවැම්‍බර් 23, පෙ.ව. 12:03



රාජ්‍ය මාධ්‍ය ආයතනයක තණකොළ පෙන්වූ වීඩියෝවක් ඇත්නම් තමන් වෙත එවන ලෙස ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිනි ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න පවසයි.

ඇමතිවරිය අවධාරණය කළේ, තම ආණ්ඩුව පවත්වා ගෙන යන්නේ තණකොළ ප්‍රදර්ශනය කරන මාධ්‍ය ආයතන නොව ගුණාත්මක මහජන සේවාවක් සඳහා ආදර්ශ සපයන රාජ්‍ය මාධ්‍ය ආයතන බව වගකීමෙන් කියන බවයි.

ඊයේ ඒකාබද්ධ විපක්ෂ රැලිය පැවැත්වෙන පසුබිමක නගරවල තණකොළ එල්ලා ඒවා රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය කිරීම පිළිබඳ සජබ මන්ත්‍රීනි රෝහිනී කවිරත්න නෑගූ චෝදනාවකට පිළිතුරු දෙමින් ඇය මේ බව පෙන්වා දුන්නාය.

ස්වාධීන රූපවාහිනියට ටෙලි නාට්‍යය තෝරාගනු ලබන්නේ පැලවත්තෙන් බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත් ඒ සඳහා කමිටුවක් පත් කර ඇති බව ද මේ වන විට එම ආයතන ලැබූ අලාභය අවම කර ගනිමින් ආදායම් ඉපයීම ආරම්භ කර ඇති බව ද නි. ඇමතිනි කෞෂල්‍යයා ආරියරත්න සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: