hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 18, ප.ව. 2:30



වගා නොකරන සියලු කුඹුරු ඉඩම් 2023 වසරේ සිට වසර පහක් යන තෙක් රජයට පවරා ගෙන වගා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මෙතෙක් වගා කර නොමැති කුඹුරු ඉඩම් අක්කර ලක්ෂයක් ඇති බවත්, 2023 වසරේ දී එම සියලු කුඹුරු ඉඩම් රජයට පවරා ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

රටේ වගා නොකළ සෑම ඉඩමක්ම වගා කිරීමට රජය තීරණය කර ඇති බැවින් මෙම පුරන් කුඹුරු සියල්ල වසර පහක් යන තෙක් රජයට පවරා ගෙන ඒවා වගා කිරීමට ඉඩම් නොමැති තරුණ ප්‍රජාවට වගා කිරීම සඳහා වසර පහකට පවරා දීමට හැකි වන පරිදි ගොවිජන පනත කඩිනමින් සංශෝධනය කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

මෙතෙක් වලා නොකර පුරන් කුඹුරු අයිතිකරුවන්ම නැවත වගා කරන්නේ නම් ගැටළුවක් නොමැති අතර වගා නොකරන්නේ නම් එම ඉඩම් අනිවාර්යයෙන්ම රජයට පවරා ගෙන වගා කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.

වසර පහකට පසු එම ඉඩම් අයිතිකරුවන්ට අදාල ඉඩම් වගා කළ පිරිස් සමග එකඟතාවයක් යටතේ අවශ්‍ය නම් වගා කිරීමට හැකි වන අතර වගා නොකරන්නේ නම් ඉඩම් අයිතිකරුවන්ට බිම් කුළිය වශයෙන් ලබන අස්වැන්නෙන් කොටසක් ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.