hit counter

2025 ඔක්‍තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:11



පාතාලය හා සම්බන්ධතා ඇති දේශපාලඥයන් ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර අවසානයේ මෙම ලයිස්තුව ප‍්‍රසිද්ධ කරන බවද හෙතෙම කියා සිටියේය.

මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා තම රජය කටයුතු කරන බවත් කොතරම් අවලාද අපහාස එල්ල කළද එය සිදු කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

රට පුරා ප්‍රබල වසංගතයක් ලෙස මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙමින් පවතින බවත් පොලිසියේ හමුදාවේ මෙන්ම විශ්ව විද්‍යාලවලද මත්ද්‍රව්‍ය භාවිතා කරන අය සිටින බවත් හෙතෙම කියා සිටී.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ පාර්ලිමේන්තුව අමතමිනි.

පැවති පැවති ආණ්ඩු කාලයකදී හමුදා කඳවුරකින් ආයුධ හැත්තෑ අටක් පාතාලයට ලබා දී ඇති බවත් පැවසූ ඔහු අද වන විට මෙරට දේශපාලනය තවදුරටත් පාතාලයට සම්බන්ධ නොවන බවද කියා සිටියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: