hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 මාර්තු 09, ප.ව. 7:45



නව සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තු ලොභියේ ආගිය තොරතුරු කතාබහ කරමින් සිටියා.

“ජනාධිපතිතුමා ඇවිල්ල රටේ ආර්ථිකයේ ඇත්ත තත්වය මෙහෙම පාර්ලිමේන්තුවට කියන එක හොද දෙයක්..එතකොට මිනිස්සු තේරුම් ගනී කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියල”පියංකර ජයරත්න කතාව පටන් ගත්තා.

“ඔව් අපිත් ජනාධිපතිතුමාට කිව්වේ එකයි අපි ජනතාවට වැඩ කරනවා වගේම දේශපාලනය කරන්නත් ඕනෑ…මිනිස්සුන්ට බොරු කියල රවට්ටලා ගේම් ගහල බලය ගත්තු කාලේ දැන් ඉවරයි ඉස්සර කලේ මිනිස්සුනට බොරු ආර්ථික කරුණු කියල බිල්ලෝ මවල බලය ගත්තු එක ”නිමල් ලාන්සා පැහැදිළි කිරීමක් කළා.

“කොහොමද පියංකර ආණමඩුවේ දේශපාලන තත්වේ “මහින්ද අමරවීර පියංකර දෙස බලමින් විමසල තියනවා.

“අවුලක් නෑ මචං කරගෙන යනවා ආණමඩුවේ සම්බන්ධීකරණ කමිටු සභාපති කම් පහ ජනාධිපතිතුමා මට දුන්නනේ දැන් මොළ හතාණෝගේ ගෝලයෝ එහෙන් මෙහෙන් ගේම ඉල්ලනවා කියලත් ආරංචියි මම සැලෙන්නේ නෑ”පියංකර තරමක් කේන්තියෙන් කියාගෙන ගියා.

“ඇමතිතුමා බයවෙන්න එපා ඔය ගේම් ගහන දේශපාලනය පුත්තලමෙන් දැන් ඉවරකරන්න ඕනෑ ”ජගත් පියංකර මන්ත්‍රීවරයා ද කතාබහට එකතු උනා.

“අපේ ඊලග රැස්වීම හම්බන්තොට නිසා අමරේට ලොකු වැඩක් තියෙයි අපි සතියකට කලින්වත් එනවා”අනුර යාපා කිවේය පිරිස දෙස බලමින්.

“අමරේට ඕක මොකක්ද ජා ඇළට කොළඹටත් වඩා හම්බන්තොට අපේ රැස්වීමට කට්ටිය එනවා කියල දැනටමත් එහේ අය බයවෙලා”ලන්සා සිනාසෙමින් කිව්වා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: