2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:07
ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රි ලංකා තානාපති මහින්ද සමරසිංහ පසුගියදා ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නාහිමි බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය.
වීටන් හි පිහිටි මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානය වෙත පැමිණි මහින්ද සමරසිංහ, උපරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුව, පැවැති අදහස් හුවමාරුවේ දී කියා සිටියේ ශ්‍රි ලංකාව සඳහා වන ඇමරිකානු තීරු බදු සහනය ලබා ගැනීම ශ්‍රි ලංකාව ලද සුවිශේෂි ජයග්‍රහනයක් බවයි.
ඒ වෙනුවෙන් ශ්‍රි ලංකා රජයේ මඟ පෙන්වීම යටතේ, තමා ගත් රාජ්‍යතාන්ත්‍රික පියවර මහින්ද සමරසිංහ කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ වෙත, පැහැදිලි කර සිටියේය.
එසේම ඇමරිකානු තීරුබදු ප්‍රතිශතය තවදුරත් අවම කර ගැනීම සඳහා වන රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ උත්සහය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව කියා සිටියේය. මහින්ද සමරසිංහ, දැනට ලැබී ඇති තීරුබදු සහනය ශ්‍රි ලංකා ආර්ථිකයට ගුණාත්මක බලපෑමක් ඇතිකරනු ඇති බවත් කියා සිටියේය.
මහින්ද සමරසිංහ 2021 දෙසැම්බර් මාසයේ සිට ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරන්නේ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පත් කිරිමක් ලෙසය.
2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:29
2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:15
2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:12
2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:11
05-08-25
05-08-25
05-08-25
05-08-25
05-08-25
05-08-25
05-08-25
05-08-25
05-08-25
05-08-25
05-08-25
05-08-25
05-08-25
05-08-25
04-08-25
04-08-25
04-08-25
04-08-25
04-08-25
04-08-25
04-08-25
04-08-25
03-08-25
03-08-25