hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 06, ප.ව. 6:50



පාස්කු ඉරිදා ප්‍රහාරය පාදක කර ගෙන බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව ඔස්සේ විකාශය වූ වාර්තා වැඩසටහන සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද (06) විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූවා.

එහිදී උන්වහන්සේ සඳහන් කළේ, අදාළ වාර්තා වැඩසටහන ඔස්සේ හෙළිදරව් කරනු ලැබූ කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස තමන් සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවයි.

එමෙන් ම, පාර්ලිමේන්තුව විසින් පත් කරනු ලබන තවත් කමිටුවකින් පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන අපක්ෂපාතීව සහ අවංකව සිදුවනු ඇතැයි තමන් කිසි ලෙසකින් නොසිතන බව ද උන්වහන්සේ පැවසූවා.

එවැනි පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීම ජනතා මුදල් සහ කාලය නාස්ති කෙරෙන සහ ජනතාව මුලා කෙරෙන නිෂ්ඵල ක්‍රියාවක් වනු ඇතැයි තමන් විශ්වාස කරන බැවින් එම යෝජනාව පිළිනොගන්නා බව උන්වහන්සේ සඳහන් කළා.

එබැවින් එම විමර්ශනය ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් විසින් සිදු කරනු ලැබිය යුතු යැයි උන්වහන්සේ කරුණු 4ක් ඔස්සේ පැහැදිලි කරමින් පෙන්වා දුන්නා.

තව ද පොලිසියේ සහ බුද්ධි අංශවල මෙන් ම ආරක්ෂක අංශවල අදාළ නිලධාරීන්ගෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඔවුන් ඇතැම්, මේතාක් හෙළි නොවුණු නිශ්චිත කරුණු දැන සිටී නම් “ධෛර්යවන්තව” ඒවා හෙළිදරව් කරමින් “සත්‍යයට සාක්ෂි දරන්නට” ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටින බව ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූවා.

අදාළ මාධ්‍ය හමුවේදී කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් මාධ්‍ය වෙත ලබා දෙන ලද සිය මුද්‍රිත ප්‍රකාශය පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: