hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:04



බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව මෙරට පාස්කු ප්‍රහාරය පිළිබඳ මතභේදාත්මක වාර්තාමය වැඩසටහනේ නිකුත් කර තිබුණා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ එම වාර්තාමය වැඩසටහන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වු බවයි.

බ්‍රිතාන්‍යයේ ද ටයිම්ස් පුවත්පත සඳහන් කර තිබුණේ,මෙම වීඩියෝව මෙරට රාජ්‍ය බුද්ධි සේවාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරි සුරේෂ් සලේ මහතා සහ පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් අතර 2018 වසරේ හමුවක් පැවති බව කියන ප්‍රවෘත්තියක් ඇසුරින් සකසා ඇති බවයි.

පිල්ලෙයාන් කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ අසාද් මවුලානා නමැත්තා විසින් කරන ලද ප්‍රකාශක් ඊට මූලාශ්‍රය ලෙස පදනම් කරගෙන ඇති බව වාර්තා වෙනවා.

එකල හමුදා බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ මහතා සහ තවුහිද් ජමාත් අන්තවාදී සංවිධානයේ සාමාජිකයකු අතර හමුවක් දුරස්ථ ගොවිපලක සංවිධානය කළේ තමන් බව අසාද් මවුලානා ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී අසාද් මවුලාන ප්‍රකාශ කර ඇත්තේ අදාළ හමුව සංවිධානය කරන ලෙස තමාගෙන් ඉල්ලා සිටියේ රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් බවයි.

රාජපක්ෂවරුන්ට රට තුළ අනාරක්ෂිත බවක් ඇතිකිරීමට අවශ්‍ය බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතාට බලයට පැමිණිය හැකි එකම මඟ එය බවත් රැස්වීම අවසානයේ තමා වෙත පැමිණි සුරේෂ් සලේ මහතා පැවසීයැයි අසාද් මවුලානා සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ප්‍රතිචාර නොදැක්වු අතර සුරේෂ් සලේ මහතා අදාළ චෝදනා ප්‍රතික්ෂේප කළ බව චැනල් 4 නාළිකාව පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: