hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 10, ප.ව. 6:56



පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව විසින් විකාශය කරන ලද ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහන මගින් හෙළිදරව් කරන ලද තොරතුරු සහ එල්ල කරන ලද බරපතල චෝදනා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවරයෙකුගේ ප්‍රධානත්වයෙනුයි අදාළ කමිටුව පත් කිරීමට නියමිතව ඇත්තේ.

2019 වසරේ පාස්කු ඉරුදින සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සත්‍යය සෙවීම සහ යුක්තිය ඉටුකිරීම සඳහා සාධනීය පියවරක් තබමින් ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කෙරෙනවා.

මෙම ගැටළු පුළුල් ලෙස අවධානයට ලක්කර කඩිනමින් විසඳීම සඳහා මෙම කැළඹිලිසහගත ප්‍රකාශයන් විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීමට ද රජය අපේක්ෂා කරන බව සඳහන්.

පවතින තත්ත්වයෙහි බරපතලකම අනුව දැනට පවතින සියලු තොරතුරු පිළිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් සිදු කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව සහ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට අමතරව ඉදිරියේදී නිකුත්වීමට නියමිත මෙම වාර්තා දෙක ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: