hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 05, ප.ව. 1:28



පසුගිය ජනාධිපතිවරණයේදී තමා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ බවත් එහිදී කාදිනල් තුමා තමාට විරුද්ධව ඡන්දය දෙන ලෙස ප්‍රකාශ කිරීම කාදිනල්තුමාගේ හිත් වේදනාව, කතෝලික ප්‍රජාවගේ වේදනාව නිසා සිදු කළ දෙයක් බවත් තමාට වැටහෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

ඒ මහතා තවදුරටත් පවසන්නේ ඒ වන විට පාස්කු ප්‍රහාරය හේතුවෙන් රටේ ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් තිබූ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ආරක්ෂාව තහවුරු කිරීමට සමත් වේ යැයි බලාපොරොත්තුවක් තිබූ බැවින් එසේ සිදු වූ බවයි.

ප්‍රේමදාස මහතා චෝදනා කරන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවක් සෙවීමට පිටරට නාලිකාවක් විසින් අප රටේ බලධාරින්ට කිව යුතු ද යන්නත් එය ලැජ්ජාවට කාරණාවක් බවත් ය.

මේ රටේ පාලකයන්ට සත්‍ය සෙවීමට තරම් හිතක් පපුවක් නැද්ද යන්න එතුමා තවදුරටත් ප්‍රශ්නකර සිටිනවා.

එතුමා වැඩිදුරටත් පවසන්නේ කාදිනල් තුමාට හෝ කතෝලික ප්‍රජාවට අපහාස නොකළ යුතු බවත් මේ සඳහා ජාත්‍යන්තර පරික්ෂණයක් සිදු කළ යුතු බවත් ය.

මෙවැනි ජාත්‍යන්තර පරික්ෂණයක් පැවැත්වීමට රජයට කොන්දක් තියෙනවා ද යන්න තවදුරටත් ප්‍රේමදාස මහතා අසා සිටිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: