hit counter

2025 මැයි මස 30 වන සිකුරාදා

2025 මැයි 29, පෙ.ව. 10:32



හෙලේ නිළි රැජිනියවන මාලනිසෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය පසුගියදා සිය ජීවන ගමනට සමුදුන්නා. ඒ දස දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් පිරිසක් හඩවෙමින් සහ සෝ තැවුලට පත් කරමින්. ඇය මීට වසර නමයකට පෙර දරුණු ශල්‍යකර්මයකට ගොදුරු වූ අතර පිළිකාමී රෝගී තත්ත්වයකින්ද පීඩාා වින්දා.

මේ සියලු දේවල් එක්ක ආර්ථිකමේ අපහසුතාවයන් නිසා ඇය වැඩිදුර ප්‍රතිකාර ලබා ගැනීමට ජනාධිපති අරමුදලෙන් පිහිට පැතුවා.නමුත් බහුතරයක් දෙනා ඇයට මේ වෙනුවෙන් ජීවත්ව සිටින කාලයේදී පවා අභූත චෝදනා එල්ල කරපු අතර ඇය නිසාම සිටියේ සිත් තැවුලෙන් බවත් සඳහන්. ඒ පිළිබඳව දීර්ඝ විග්‍රහයක් කරන මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්නන මහත්මිය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණේ පහත ආකාරයටයි.

” මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. මාලිනී ෆොන්සේකා ජනාධිපති අරමුදල ‘හොරකම් කළ හොරෙකු නොවේ’ තමන් ජනාධිපති අරමුදලේ මුදල් හොරකම්කළ අයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දී නම් කිරීම හා අවමන් කිරීම ගැන මලිනී ෆොන්සේකා මැතිනිය බලවත් සිත් තැවුලට පත්ව සිටියාය. තමන් විධිමත් ලෙස මේ මුදල ලබාගත් බවට වන වන සාක්ෂි මාලිනී ලඟ විය.

එයින් කොටසක් වන ආධාර ඉල්ලීමේ ලිපිය, අයඳුම් ලිපිය, අයඳුම් පත්‍රය, අරමුදල් අනුමැතිය, ගුවන් ටිකට්පත, වෛද්‍ය හා නිලධාරි රෙකමදාරුව මෙහි ඇත. මාලිනී ගේ දේහය ද අළු ගොඩක් බවට පත්ව අවසන් ය. වසර 9 කට පෙර ඇයට සැත්කමක් කළ බවත්, 2022 වන විට ඇය දරුණු පිළිකා රෝගයකට ගොදුරු වූ සැත්කමක් කළ බවත් දැන් රටම දනී. මාලිනී පුරවැසියෙකු ලෙස තමන්ගේ රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනරජයේ ගරු ජනාධිතිවරයාගෙන් විධිමත් ඉල්ලීමක් කර ඇත. රජයක් ලෙස ප්‍රතිචාර එයට ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වා ජනාධිපති අරමුදලේ මුදල් වෙන් කොට දී ඇති බව මේ ලේඛන මගින් තහවුරුවේ. මාලිනියට ජාතික ශෝක දිනයක් ලැබුණේ නැත. රාජ්‍ය ගෞරව සහිත අවමංගල්‍යයක් ලැබුණේ ද නැත. ඇයම කියූ ලෙස, ඇයට ජීවිතයේ අවසන් මාස කිහිපයේ රජයෙන් ලැබුණේ නින්දා අපහාස පමණී.

මාලිනිය ‘ඇය මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ආදරය දිනූ තාරකාව ම මිස, අයුතු ලෙස ජාතික ධනය, ජනාධිපති අරමුදලේ මුදල් ලබාගත් වංචාකාරියක නොවන බව’ ඇයට ආදරය කළ සැමට සාක්ෂි කර ගැනීමට මේ ලේඛන උපකාර වනු ඇත. වසර කිහිපයක් පාර්ලිමේන්තුවේ සිටි ඇය ‘හොරු 225 න් අයෙකු නොවේ’. න් මාලිනී ෆොන්සේකාට කලකිරීම තරම්, මරණය වේදනාකාරී නොවන්නට ඇත!”

ඇය මාලනිය පිළිබඳව අදහස් දක්වා තිබුණේ ඒ ආකාරයෙන්..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: