2025 මැයි 24, ප.ව. 7:24
මාලනි සෙනෙහෙලතා ෆොන්සේකා 1947 අප්‍රියෙල් 30 කැළණිය දී උපන් සම්මානනීය ශ්‍රී ලංකා චිත්‍රපට නිලියකි.
“සිංහල සිනමාවේ නිලි රැජින” යන විරුදාවලියෙන් හඳුන්වන්නේද ඇයයි.
කැලණිය ගුරුකුල මහ විදුහලෙන් මූලික අධ්‍යාපනය හැදෑරු මාලනී ෆොන්සේකා මහත්මිය අනතුරුව නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන්ද අධ්‍යාපනය හැදෑරිය.
දශක කීපයක් දිවෙන ඇගේ සිනමා රංගන දිවිය මුලින්ම ඇරඹෙන්නේ 1968 තිස්ස ලියනසූරියගේ පුංචි බබා චිත්‍රපටයෙනි.
දහසක් සිතුවිලි, එයා දැන් ලොකු ළමයෙක්, නිධානය, ආදරේ හිතෙනවා දැක්කාම, තුෂාරා, මාතර ආච්චි, බඹරු ඇවිත්, අහස් ගව්ව, වීර පුරන් අප්පු, බැද්දේගම, උත්පලවන්නා, ඇතුළු චිත්‍රපට 150කට වැඩි සංඛ්‍යාවකට ඇය සිය රංගන දායකත්වය ලබා දුන්නාය.
විජය – මාලනී, ගාමිණී – මාලනී සහ රවීන්ද්‍ර – මාලනී යන යුග මෙරට රසික රසිකාවියන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් විය.
ඇය දක්ෂ නිලියක ලෙස හඳුනා ගැනෙන්නේ 1969 දී ජාතික නාට්‍ය උළෙලදී ‘හොඳම නිලිය සම්මානය’ ලබා ගැනීමෙන් අනතුරුවයි.
ඉන්පසු 1980 දී හිගන කොල්ලා, 1982 දී ආරාධනා, 1983 දී යස ඉසුරු යන චිත්‍රපට වල විශිෂ්ඨ රංගනය හේතුවෙන් ඇය සරසවිය හොඳම නිළිය සම්මානය කීප විටක් දිනා ගත්තාය.
2010 දී ඇය ආසියාව තුල මෙතෙක් බිහි වූ දැවැන්ත රංගන ශිල්පීන් 25 දෙනා ගෙන් අයෙක් බව ඇමරිකානු සීඑන්එන් රූපවාහිනිය විසින් නම් කරනු ලැබීය.
සරසවි, ජනාධිපති, ස්වර්ණ සංඛ, OCIC, සුමති වැනි සිනමා උළෙලවල්වලදී හොඳම නිළිය, ජනප්‍රියම නිළිය, හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන රැසකට හිමිකම් කීවාය.
පිට පිට වසර ගණනාවක් සම්මානයට පාත්‍ර වීමට ඇයට හැකි වූයේ ඇය ප්‍රේක්ෂක සිත් තුළ ඉතා ඉහළින්ම වැජඹුණු නිළියක් වූ නිසාවෙනි.
හෙළ සිනමාවේ නිළි රැජිනියනි ඔබට උතුම් නිර්වාණ සුවය ලැබේවා!!
2025 මැයි 25, පෙ.ව. 12:13
2025 මැයි 25, පෙ.ව. 12:09
2025 මැයි 25, පෙ.ව. 12:09
2025 මැයි 25, පෙ.ව. 12:09
2025 මැයි 25, පෙ.ව. 12:09
25-05-25
25-05-25
25-05-25
25-05-25
25-05-25
25-05-25
25-05-25
25-05-25
25-05-25
25-05-25
25-05-25
25-05-25
25-05-25
25-05-25
24-05-25
24-05-25
24-05-25
24-05-25
24-05-25
24-05-25
24-05-25
24-05-25
24-05-25
24-05-25