2023 සැප්තැම්බර් 27, ප.ව. 2:18
මෙවර මාස් කන්නයේ වගා සැලැස්මට අනුව ජලය මුදා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන ජාතික වැදගත්කමක් ඇති ජල කළමනාකරණ කමිටුවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්, ගොවිජන සේවා අධ්‍යක්ෂක ජනරාල් ඇතුළු වගකිව යුතු නිලධාරීන් රැසක් සහභාගි නොවීම සම්බන්ධයෙන් ක්‍රීඩා හා වාරිමාර්ග ඇමැතිවරයා අදාළ රැස්වීම් අවසානයේ අප්‍රසාදය පලකරනු ලැබුවා.
සාමුහික වගකීම කැබිනට් මණ්ඩලයට පමණක් සීමා නොවන බවත් එය රාජ්‍ය නිලධාරීන් ඇතුළු සමස්ත පද්ධතියේ තිබිය යුතු බව මෙහිදී අමැතිවරයා ප්‍රකාශ කළා.
වසර 2023 මහ කන්නය සඳහා වන ජල කළමනාකරණ කමිටු රැස්වීම පෙරේදා (26) ගන්නෝරුවේ පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ දී පැවැත්
වසරකට දෙවතාවක් පැවැත්වෙන ජාතික වශයෙන් ඉතාමත්ම වැදගත් රැස්වීමකට වගකිව යුතු නිලධාරීන් සහභාගි නොවීම කනගාටුවට කරුණක් බවත් ගොවිජන සේවා අධ්යක්ෂ ජනාරාල්, දිසාපතිවරු නොමැතිව සාකච්ඡා කර තීරණ ක්‍රියාත්මක කිරීම ගැටලුවක් බවත් ඇමැතිවරයා පැවසුවා.
හම්බන්තොට, පොළොන්නරුව, අනුරාධපුර, අම්පාර, නුවරඑළිය, වවුනියාව ඇතුළු සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ගොවි සංවිධාන නියෝජිතයින් මෙම රැස්වීමට සහභාගි වී සිටියා.
කෘෂිකර්ම අමාත්‍යවරයා නොමැතිව මෙම රැස්වීම පැවැත්වීමෙන් පලක් නොවන බව ගොවි සංවිධාන නියෝජිතවරු මෙහිදී පෙන්වා දීමෙන් අනතුරුව අමාත්‍යවරයා විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුරකථනයෙන් මෙම සාකච්ඡාව හා සම්බන්ධ කිරීමට පියවර ගත්තා.
පැමිණ සිටි ඇතැම් රාජ්‍ය නිලධාරීන් රැසක් සාකච්ඡාව සිදුවෙමින් තිබෙන අවස්ථාවේ ඊට කන් නොදී ජංගම දුරකතනය ඔස්සේ මුහුණ පොතේ සැරිසැරීම හේතුවෙන් ගොවි සංවිධාන නියෝජිතයෝ ඊට දැඩි අප්‍රසාදය පලකර සිටියා.
2024 දෙසැම්බර් 24, පෙ.ව. 12:10
2024 දෙසැම්බර් 24, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 24, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 24, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 24, පෙ.ව. 12:06