hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2026 ජනවාරි 05, පෙ.ව. 12:12



මිහින්තලේ රාජ්‍ය පරිපාලන ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මුදල් ලබාගැනීමක් පිළිබඳව අසත්‍ය චෝදනා කරමින් තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් පවසනවා.

අනුරාධපුර පොලිස් ස්ථානය පැමිණි අවස්ථාවේ දී උන්වහන්සේ මේ බව සඳහන් කළා.

මිහින්තලා පුදබිමට අයත් රාජ්‍ය පරිපාලන ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් මුල්කර ගනිමින් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිගේ රියදුරුවරයා අනුරාධපුර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයට අද දිනයේ කැඳවා තිබුණා.

අනුරාධපුර පොලිසිය විසින් සිදුකර ඇති නියෝගය අනුව රියදුරුවරයාව පොලිසියට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවත්, තමන් වහන්සේව ද අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවටත් මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පවසා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: