hit counter

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 29, ප.ව. 5:32



ඓතිහාසික මිහින්තලා රජමහ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

එහිදී සිවිල් සංවිධාන කිහිපයක් විසින් උන්වහන්සේ වෙනුවෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මෙම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ මිහින්තලා විහාරාධිපති හිමියන් සඳහන් කළේ ව්‍යාජ වීඩියෝවක් සම්බන්ධයෙන් සහ කප්පම් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණි කිරීමට මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: