2026 ජනවාරි 03, පෙ.ව. 12:19
අගමැතිනි හරිනි අමරසුරියට උවමනා වී ඇත්තේ මේ රටේ නිත්‍යනුකූල ආප්ප කඩ දැමීමට බව මිහින්තලේ රාජමහා විහාරාධිපති වළවහැංගුණුවැවේ ධම්මරතන හිමි පවසයි.
මෙම ආණ්ඩුව කරවන සියලු දෙනාගේ මානසිකත්වය මෙය බැවින් එක් අයකු තනතුරකින් ඉවත් කර තවත් අයකු පත්කර විසඳාගත නොහැකි බවත් සමස්ත ආණ්ඩුවම පළවා හැරිය යුතු බවත් එහිමියන් අවධාරණය කරයි.
බුදු දහමට මහා සංඝරත්නයට අත තැබූ ආණ්ඩුව කුඩා දරුවන් ලිංගික විෂමාචාරවලට යොමු කිරීමට ද සූදානම් වන බවත් ඊට එරෙහිව සමස්ත ජනතාව නැගී සිටිය යුතු බවත් ධම්මරතන හිමි ප්‍රකාශ කරයි.
රටේ ප්‍රශ්න යටපත් කිරීමට මහානාහිමිවරුන් බැහැදැකීමට එන නායකයන්ට උන් වහන්සේලා රැවටිය යුතු නැති බව ද එහිමියන් පෙන්වා දෙයි.
මාධ්‍ය හමුවක් අමතමින් වළවහැංගුණුවැවේ ධම්මරතන හිමි මේ බව කීය.
2026 ජනවාරි 03, පෙ.ව. 12:23
2026 ජනවාරි 03, පෙ.ව. 12:21
2026 ජනවාරි 03, පෙ.ව. 12:17
2026 ජනවාරි 03, පෙ.ව. 12:14
2026 ජනවාරි 03, පෙ.ව. 12:08
02-01-26
02-01-26
23-12-25
23-12-25
13-12-25
13-12-25
06-09-25
06-09-25
12-08-25
12-08-25
23-07-25
23-07-25
06-06-25
06-06-25
13-05-25
13-05-25
27-03-25
27-03-25
26-03-25
26-03-25
20-03-25
20-03-25
20-07-24
20-07-24