hit counter

2024 ජූලි මස 06 වන සෙනසුරාදා

2024 ජූලි 03, ප.ව. 1:45



පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පෙරේදා (01) පැවැති වැඩසටහනකට සම්බන්ධ වෙමින් මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියෝ පැවසූවේ තමන්ට ජනපති අපේක්ෂකත්වය සඳහා ආරාධනාවක් ලැබුණහොත් රටේ ජනතාව වෙනුවෙන් ඊට සූදානම් බවයි.

මාතෘභූමිය වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙන් තමා සක්විති රජකමට හෝ ජනාධිපතිකමට පමණක් නොව ඕනෑම තැනකට යෑමට සූදානම් බව අවධාරණය කළ උන්වහන්සේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට ජනතාවගෙන් දැනටමත්  ඉල්ලීම් විශාල සංඛ්‍යාවක් ලැබී ඇතැයිද සඳහන් කළා.

වසර ගණනාවක් මේ රට එකම කණ්ඩායමක් විසින් පාලනය කළ බව පැවසූ නාහිමියෝ මේ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතු බවද සිහිපත් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: