hit counter

2024 දෙසැම්‍බර් මස 27 වන සිකුරාදා

2023 අගෝස්‍තු 05, පෙ.ව. 1:07



ශ්‍රි ලංකා ත්‍රිපෝෂ සමාගම විසින් පෝෂ්‍යදායි බිස්කට් වර්ගයක් නිෂ්පාදනය කිරිමේ අරමුණින් ගෙන්වනු ලැබු යන්ත්‍රය උපයෝගි කරගෙන බිස්කට් නිෂ්පාදනය සිදුනොකිරිම නිසා මෙම කාර්ය සදහා වැයකොට තිබූ රුපියල් විසිතුන්කෝටි, හතලිස්එක්ලක්ෂ, විසිපන්දහස්, නමසියඅනුනමයක (234,125,999) සම්පුර්ණ මුදල නිෂ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

පෝෂ්‍යදායි බිස්කට් වර්ගයක් නිෂ්පාදනය කිරිම සදහා රුපියල් විසිකෝටි, අනුදෙලක්ෂ, හැත්තැහතරදහස්, පන්සියඅසුඅටක (209,274,588) වියදමක් දරා 2020 වර්ෂයේදී මෙම යන්ත්‍රය මිලදිගෙන තිබුණා.

යන්ත්‍රය ස්ථාපිත කිරිම සදහා වැයකොට ඇති මුදල රුපියල් එක්කෝටි අසුනම ලක්ෂහැත්තැනම දහස් හාරසිය තිස් අටක් (18,979,438).

නිලධාරින් පුහුණු කිරිම සදහා පනස්තුන්ලක්ෂ හතලිස් අටදහස් නමසියහතලිස්හයක (5,348,946) වියදමක් දරා තිබුණා.

කිසිදු බිස්කට් නිෂ්පාදනයක් සිදුකර නොතිබු  අතර අත්හදා බැලිම් සදහා අවස්ථා 11 වෙනුවෙන් රුපියල් 523,027ක මුදලක් වැයකොට තිබු බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.

මේ සම්බන්දයෙන් පුර්ණ විධිමත් පරික්ෂණයක් සිදුකර  වගකිවයුතු පාර්ශවය සම්බන්දයෙන්  ක්‍රියාමාර්ග ගතයුතු බව විගණනය මගින් නිර්දේශකොට තිබෙනවා.  

මේ පිළිබද ත්‍රිපෝෂ සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ 2021, 2022 යන වර්ෂවල පැවති කොවිඩ් වසංගතය, දේශපාලන අස්ථාවරභාවය, දැඩි ආර්ථික හා මුල්‍ය අර්බුදය නිසා නිෂ්පාදන කටයුතු අඛන්ඩව කරගෙන යාමට නොහැකිවු බවයි.

එමෙන්ම ප්‍රමිතියෙන් යුතු Aflatoxin අඩු බඩ ඉරිගු දේශිය මෙන්ම විදේශිය වෙළදපොලෙන්ද සපයා ගැනිමට නොහැකිවිම නිසා සැලසුම්කල පරිදි බිස්කට් නිෂ්පාදන කටයුතු සිදුකරගෙන යාමට නොහැකි වු බව  සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට තිබෙනවා.

ගාල්ල – ලලිත් චාමින්ද