2025 සැප්‍තැම්‍බර් 29, ප.ව. 5:54
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ජනාධිපති අරමුදලේ ප්‍රතිපාදන ජනතාවට ලබාදිමේ වැඩසටහන පිළිබඳව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසා ඇත්තේ ජනාධිපති අරමුදල හරහා විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බවයි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
“නව රජය පත්වීමෙන් පසු සිදුවුණු දේශපාලන පරිවර්තනයේ කොටසක් විදිහට තමයි ජනාධිපති අරමුදල හරහා විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කරලා තියෙන්නේ. ජනාධිපති අරමුදල කියලා කියන්නේ ජනතාවගේ අයිතියක් වෙන්න ඕනි දෙයක්. ඒක වරප්‍රසාදයක් නෙවෙයි. දැන් අපි දකිනවා ඒක ක්‍රමානුකූලව ජනතාවගේ අයිතියක් බවට පරිවර්තනය වෙමින් තිබෙනවා. නමුත් පසුගිය සමයේ මේ ජනාධිපති අරමුදල අවභාවිතා කිරීම සම්බන්ධව පාර්ලිමේන්තුව ඇතුළු විවිධ තැන්වල කතා කලා.
දැන් ඒ යුගය අවසන්. ජනතාවාදී පාලනයක් ඇතිවෙලා තියෙන මේ මොහොතේ අපි දකිනවා ජනතාවට විවිධ ප්‍රතිලාභ ලැබෙන අවස්ථා නිර්මාණය වෙලා තිබෙනවා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය හෝ වෘත්තීය පුහුණුව ලබන දරුවන්ට මාසිකව රුපියල් 5000,7000 හා 8000 වැනි මුදල් ලබාදීම ඉතාමත් වැදගත් දෙයක්. විශේෂයෙන්ම විදෙස් රැකියාවට ගිහින් ඒ රැකියා ස්ථානයේ විවිධ කරදර, හිරිහැර නම්, වැටුප නිසි පරිදි ලැබෙන්නේ නැත්නම් ඒ පවුලට ප්‍රශ්න ගැටළුවලට මුහුණ දෙන්න සිදුවෙනවා.
ඒ පවුල අඩපණ වෙනවා. එවැනි අවස්ථාවල ඒ පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය කිසිසේත්ම කඩාකප්පල් වෙන්න දෙන්න බෑ. යම් කිසි ආපදාවක්, අනතුරක් හෝ සිරගතවීමක් වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ අවස්ථාවලදී ළමයින්ගේ අධ්‍යාපන අයිතිය උල්ලංඝණය වුණු අවස්ථා තිබෙනවා. නමුත් මේ තත්ත්වය වෙනස් විය යුතුයි. ඒකට අවශ්‍ය පරිසරය දැන් සකස් වෙලා තියෙනවා. මේක ක්‍රියාත්මක වෙන්නේ මේ අවුරුද්දේ ජනවාරි 01 සිට. ඒ කියන්නේ 2025 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වෙනවා. යම් කිසි පුද්ගලයෙක් මේ වසරේ ජනවාරි 01 න් පසු මෙවැනි ගැටළුවකට මුහුණ දුන්නනම් ඔවුන්ගේ දරුවන්ට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. මේ රටට වැඩිවශයෙන් විදේශ විනිමය අරන් එන්නේ විදෙස්ගත ශ්‍රමිකයින්. ඒ නිසා ඔවුන්ගේ දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීම කියන්නේ ඉතාම වටිනා දෙයක්.” ලෙස පැවසුවේය.
2025 සැප්‍තැම්‍බර් 29, ප.ව. 5:52
2025 සැප්‍තැම්‍බර් 29, ප.ව. 5:17
2025 සැප්‍තැම්‍බර් 29, ප.ව. 12:07
2025 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 10:03
2025 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 10:00
29-09-25
29-09-25
29-09-25
29-09-25
29-09-25
29-09-25
29-09-25
29-09-25
28-09-25
28-09-25
28-09-25
28-09-25
27-09-25
27-09-25
27-09-25
27-09-25
27-09-25
27-09-25
26-09-25
26-09-25
26-09-25
26-09-25
26-09-25
26-09-25