2025 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:23
පොලිස් මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එෆ්. යූ. වූට්ලර් මහතා පැවසූවේ 2021 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුළ අනාවරණය කරගත් සංවිධානාත්මක අපරාධකරුවන්ගේ වත්කම්වල මූල්‍ය වටිනාකම රුපියල් කෝටි 3902ක් වන අතර, එම වත්කම් රජය සතු කර ගැනීම සඳහා අවශ්‍ය පියවර මේ වන විට ශ්‍රී ලංකා පොලීසිය විසින් ගෙන තිබෙන බවත් ය.
තවද, 2025 වසරේදී පමණක් වත්කම් ක්‍රියාවන් විරහිත කිරීම සඳහා රුපියල් කෝටි 73ක් මේ වන විට රජය සතු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කරමින් පවතින බව ඔහු සඳහන් කළේය.
ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සහ අපරාධකරුවන්ගේ අනීතික ලෙස උපයා ගත් වත්කම් සම්බන්ධයෙන් මූල්‍ය වටිනාකම් පිළිබඳ තක්සේරුවක් ඉදිරිපත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසූවේ, පොලිස් භාරයට ගෙන ඇති දේපළ අතර රත්තරන් පවුම් 354ක්, වාහන 72ක්, නිවාස/දේපළ 35ක්, අක්කර 37ක භූමි ප්‍රමාණයක් ,මුදලින් රුපියල් හැටහත් කෝටියක (රු. 670,000,000) පමණ ප්‍රමාණයක් මේ වන විට රජය සතු කර ගැනීම සඳහා පොලීසිය කටයුතු කරන බවයි.
2025 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:08
2025 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:06
2025 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:04
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
13-10-25
13-10-25
13-10-25
13-10-25