hit counter

2025 දෙසැම්‍බර් මස 14 වන ඉරිදා

2025 දෙසැම්‍බර් 15, පෙ.ව. 12:30



2026 වර්ෂය සඳහා විශ්‍රාම වැටුප් දිනය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් සමින්ත හෙට්ටිආරච්චි මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

මේ සඳහා, විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 03/2025 සහ Pen/Pol06/25-2024 මගින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දී ඇත.

මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ඇතිව නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව, 2026 ජනවාරි 09, පෙබරවාරි 10, මාර්තු 10, අප්‍රේල් 09, මැයි 08 යන දිනවල. තවද ජුනි 10, ජූලි 10, අගෝස්තු 10, සැප්තැම්බර් 10, ඔක්තෝබර් 07, නොවැම්බර් 10 සහ දෙසැම්බර් 10 යන දිනවල විශ්‍රාම වැටුප් ලබා දීමට සැලසුම් කර ඇත.

මේ අතර, රජයේ සේවකයින්ට විශේෂ ප්‍රතිලාභ ලබා දීමට තීරණය කර ඇති බව සාමාන්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර මහතා නිකුත් කළ චක්‍රලේඛයට අනුව. වාර්තාවට අනුව, රජයේ සේවකයින්ට රුපියල් 4,000 ක් දක්වා විශේෂ අත්තිකාරමක් ලබා දෙන බව සඳහන් කර ඇත.

මෙම ගෙවීම් ලබන වසරේ ජනවාරි 1 වන දින සිට පෙබරවාරි 28 වන දින දක්වා ලබා දෙන බව පැවසේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: