hit counter

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2026 මාර්තු 31, ප.ව. 4:43



උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් වගා ඉඩම් අහිමි වූ ගොවි පවුල් සඳහා වන්දි මුදල් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්කර ගැනීම නිසා හාලි ඇළ, වැලිමඩ සහ ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 276කට වගා ඉඩම් අහිමි වී තිබිණි.

මුලින් මෙම පවුල් සඳහා උමා ඔය පහළ නිම්නයෙන් විකල්ප කෘෂිකාර්මික ඉඩම් ලබා දීමට 2012 වසරේදී තීරණය කර තිබුණද, එම ඉඩම් අනවසර පදිංචිකරුවන් විසින් අල්ලාගෙන තිබීම, දැඩි වන ගහණය, වන අලි තර්ජනය සහ පදිංචි ප්‍රදේශවල සිට ඇති දුරස්ථභාවය වැනි හේතූන් මත එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.

එබැවින් මෙම  ගැටලුව නිරාකරණය කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ නිර්දේශ මත පදනම්ව, අදාළ ගොවි පවුල් 276 සඳහා එක් පවුලකට රුපියල් ලක්ෂ 12 බැගින් වූ තක්සේරුගත වන්දි මුදලක් ගෙවීමට තීරණය කර තිබේ.

කෘෂිකර්ම, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: