2026 ජනවාරි 17, පෙ.ව. 12:13
මෙවර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වසරක කාලයකින් කල් දැමීමට තීරණය කළේ, විපක්ෂ කණ්ඩායම් විසින් එම ක්‍රියාවලිය කුණුහරුපයක් යයි විකෘති කර ජනතාව හමුවේ ඉදිරිපත් කිරීම නිසා බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා පවසයි.
රූපවාහිනී නාලිකාවක පැවැති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
‘අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදුකළ යුත්තේ දෙමාපියන්ගේ මෙන්ම සිසුන්ගේ ද විශ්වාසය දිනා ගනිමිනුයි. නමුත් පසුගිය කාලයේ ඇති වූ සාකච්ඡා තුළදී ඇතැම් පාර්ශව මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම විකෘති කර, එය සමාජය හමුවේ අසභ්‍ය හෝ හානිකර දෙයක් ලෙස හුවා දැක්වීමට කුණුහරපයක් බවට පත් කිරීමට කටයුතු කළා. එවැනි වාතාවරණයක් තුළ මෙය ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නැහැ.”
මේ හේතුවෙන් ඉදිරි වසරක කාලය තුළ සියලු කණ්ඩායම් සමඟ වඩාත් විධිමත් හා දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා, සියලු දෙනාගේ එකඟතාව මත ලබන වසරේදී මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
2026 ජනවාරි 17, පෙ.ව. 12:37
2026 ජනවාරි 17, පෙ.ව. 12:31
2026 ජනවාරි 17, පෙ.ව. 12:18
2026 ජනවාරි 17, පෙ.ව. 12:14
2026 ජනවාරි 17, පෙ.ව. 12:09
12-12-25
12-12-25
25-11-25
25-11-25
23-09-25
23-09-25
13-09-25
13-09-25