hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 12, පෙ.ව. 10:16



සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර ගමන් කළ ජීප් රථයේ ගැටී තුවාල ලබා දින 08ක් තිස්සේ  කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටි තරුණයා ඊයේ (11) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

තිහාරිය කළගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක් වන ශානුක රවිඳු නමැති තරුණයා තරුණයා යතුරුපැදි අලෙවි ව්‍යාපාරයක් කරගෙන ගිය අයෙක්.

මෙම අනතුරින් හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නිරත වූ මෙම තරුණයාගේ මොළය මිය ගොස් ඇති බව වෛද්‍යවරු තීරණය කිරීමත් සමඟ ඔහුගේ වකුගඩු අක්මාව ඇතුළු ශරීර අවයවයන් දන්දීමට තරුණයාගේ භාරකරුවන් කැමැත්ත පලකර ඇත.

මෙහිදී පවුලේ අය තොරතුරු සඳහන් කරනු ලබන්නේ තරුණයා මෙම අනතුර සිදුවීමට පෙර ඊට දක්වා තිබුණු කැමැත්තක්ද සලකා බලාය.

ඒ අනුව මෙම තරුණයාගේ අවයව ඊයේ රාත්‍රී කාලය වන විට ඉවත්කර ජීවිත තුනක් ජීවත් කරවීමට බද්ධකිරීම් සිදුකර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

 පසුගිය 03දා අලුයම් කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ගමන්ගත් ජිප් රථය  කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ දී තරුණයා ගමන්කරමින් තිබුණු යතුරුපැදියේ ගැටී ඇත්තේ කෝන්ගස්දෙනිය හංදිය අසල දී මෙම තරුණයා අනතුරට ලක් වෙනවා.

මෙම අනතුරින් මන්ත්‍රීවරයාට හෝ එහි ගමන් ගත් කිසිවකුට තුවාල සිදුව නොමැති අතර යතුරු පැදිය පැදවූ මෙම තරුණයා පමණක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙම තරුණයා  කොළඹ ජාතික රෝහලට මාරුකර තිබුණි.

එම අනතුරින් මෙම තරුණයාගේ හිසට බරපතළ තුවාල සිදුවීම හේතුවෙන් අනතුර සිදුවූ මොහොතේ සිට ඔහු සිට ඇත්තේ සිහිසුන්වය.

අනතුරින් පසු නිට්ටඹුව පොලිසියේ රථවාහන අංශය විසින් නලින් බණ්ඩාර මහතා ගමන්කළ ජිප් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් අතර ඔහුව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු තරුණයාට රුපියල් 50,000ක සානුකම්පිත දීමනාවක් ලබාදෙන මෙන් නියෝගකරමින් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැරිය බව නිට්ටඹුව පොලිසිය සඳහන් කළා. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: