hit counter

2025 සැප්‍තැම්‍බර් මස 01 වන සඳුදා

2025 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:08



විපක්ෂයේ මීළඟ ඒකාබද්ධ රැස්වීම පවත්වන දිනයේ දී එම ශාලාවට විශාල ඉබ්බෙකු දැමීම තුළින් සියලු අපරාධකාරයින් එකවිමට අල්ලා ගැනීමට හැකියාව තිබෙන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසයි.

“දැන් අපිට විපක්ෂයේ පසුගිය වැඩෙත් එක්ක ඉතාම පහසු වුණා, විශේෂයෙන්ම අපි කියපු හොරු ටික එකම කඳවුරකට ආවා. සජිත් මහත්තයලා, රනිල් මහත්තයලා, නාමල් මහත්තයලා, මහින්ද මහත්තයලා, මෛත්‍රීපාලා මහත්තයලා, චම්පික මහත්තයලා, මේ තමයි අපරාධකාරයෝ ටික. මෙයාලා තැනින් තැන හැංගිලා හිටියේ, හැබැයි රනිල් මහත්තයාගෙ සිදුවීමත් එක්ක අපරාධකාරයො එක පෙළට ආවා.

ඉතින් ඊගාව රැස්වීම තියෙන වෙලාවට ගිහිල්ලා ඒ තියෙන ශාලාවට මහා ඉබ්බෙක් දැම්මොත් හොරු ටික එකවරම අල්ලා ගන්න පුළුවන්. ඒ නිසා හොරු කවුද, නොහොරු කවුද කියලා හරිම සරල බෙදීම් රේඛාවක් දැන් තියෙනවා. ඔවුන් ඒ තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් ඔවුන්ට ගෞරවනීය ස්තූතියක් තියෙනවා. සජිත්ලාගෙ දැන් රෙදි ගලවාගෙන, නාමල්ලාගෙ දැන් රෙදි ගලවාගෙන එකට ලැගලා තියෙනවා. ඇයි මෙහෙම ලගින්නෙ ?

ඉදිරියේ එන මැතිවරණවලට ඔවුන්ට වෙන්වෙලා හිටියොත් තමයි වාසි. හැබැයි දැන් ඔවුන්ට ළඟ එන අනතුරක් තියෙනවා. මොකද නීතිය ක්‍රියාත්මක වීම. ඔවුන් දන්නවා ඔවුන් අපරාධකාරයෝ, එහෙනම් අපරාධකාරයෝ එකට එකතුවීමෙන් පමණයි යම් හෝ සැනසීමක් ගන්න වෙන්නෙ. හැබැයි ඒකෙන් සැනසීම තියෙන්නෙ ආණ්ඩුවට. එක විට ඉබ්බෙක් දම්මා ගත්තාට පස්සෙ ඔක්කොම එක රැළට අපට වැලිකඩට යවන්න පුළුවන්.”

නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: