2025 මැයි 05, පෙ.ව. 12:27
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල් ලක්ෂ 6206 ක (කෝටි 62 ) මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වන්දි වශයෙන් ලබාගෙන ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා අනාවරණය කළේය.
අමාත්‍යවරයා එසේ පැවසුවේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ සංවිධානය කළ හොරණ ගෝනපල ප්‍රදේශයේ පාක්ෂික හමුවක් අමතමිනි.
අමාත්‍යවරයා මෙසේද කීය.
කෑගල්ල නගර සභාවේ සභාපති ජි. කේ. සමරසිංහ ලක්ෂ 103 .5 යි , බලන්ගොඩ නගර සභාවේ සභාපති ඩබ්ලිව්. ඒ. ඩබ්ලිව්. පි. ගුණරත්න රුපියල් ලක්ෂ 104.5 යි , කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ජි. ඒ. මුණගොඩ රුපියල් ලක්ෂ 109.5 යි , මිනුවන්ගොඩ නගරාධිපති එච්. කේ. ඩබ්ලිව්. ජයසේකර රුපියල් ලක්ෂ 122.56 යි , සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ රුපියල් ලක්ෂ 131 යි , මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ. එල්. පත්මකුමාර රුපියල් ලක්ෂ 129. 2 යි , රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති ටි . නිමල් රුපියල් ලක්ෂ 139.9 යි , කැස්බෑව නාගරික මන්ත්‍රී පි. ඩි. ධර්මදාස රුපියල් ලක්ෂ 144.8 යි , අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච්. පි. සෝමදාස රුපියල් ලක්ෂ 178 .7 යි , ගම්පා ප්‍රාදේශීය සභාවේ සභාපති කේ කේ අබේරත්න රුපියල් ලක්ෂ 221.6 යි , බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතින්ම සුනිල් ප්‍රේමසිරි රුපියල් ලක්ෂ 233.5 යි , මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ඩබ්ලිව්. එල්. විජේසේකර රුපියල් ලක්ෂ 267.5 යි , හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති එම් ආර් කුමාර රුපියල් ලක්ෂ 352 යි , කැස්බෑව නගරාධිපති නැන්දනිය ලාලිනි කැලුම් රුපියල් ලක්ෂ 392 යි , කොටි කාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ඉඳුනිල් ජගත් කුමාර රුපියල් ලක්ෂ 450.6 යි , දඹුල්ල නගර සභාවේ සභාපති හේමන්ත ජාලිය රුපියල් ලක්ෂ 627.9 යි , කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා රුපියල් ලක්ෂ 698.7 ක මුදලක් එලෙස ලබාගෙන ඇතැයි අමාත්‍යවරයා පැවසීය.
ලක්ෂ්මන් පෙරේරායි එයාගේ නැන්දම්මයි අරන් තියෙනවා රුපියල් ලක්ෂ 1088 ක් භාණ්ඩාගාරයට ඔබ යවපු බදු මුදල් තමයි පසුගිය කාලයේ මේ විදියට තමන්ගේ හිතවතුන් අතරේ බෙදා ගෙන තියෙන්නේ.දැන් ඒවට වෙනම පරීක්ෂණයක් යනවා මොකද ආණ්ඩුවෙන් වන්දි ගත්තට අමතරව සමහර අය රක්ෂණයෙනුත් අරගෙන . මෙහෙම තමයි ඒගොල්ලෝ භාණ්ඩාගාරය විනාශ කළේ.
2025 ජූනි 01, පෙ.ව. 12:09
2025 ජූනි 01, පෙ.ව. 12:08
2025 ජූනි 01, පෙ.ව. 12:07
2025 ජූනි 01, පෙ.ව. 12:06
2025 ජූනි 01, පෙ.ව. 12:06
01-06-25
01-06-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25