2025 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:12
ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමේ අරමුණින් රජය විසින් සිදු කරනු ලබන ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සහයෝගය ලබා දෙන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටියි.
රජය රටේ ජනතාවට අඛණ්ඩව සහ අඩු මිලට විදුලිය සැපයීම සඳහා පියවර ගනිමින් සිටියදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීම අතාර්කික බව ද අමාත්‍යවරයා අවධාරණය කරයි.
මෙම ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ විදුලිබල මණ්ඩලය සියයට සියයක් රජයට අයත් සමාගම් හයක් බවට පත් කිරීමට යෝජනා වී ඇති අතර, ඒ අතරින් සමාගම් හතරක් මේ වන විටත් පිහිටුවා අවසන් බව ද ඔහු පෙන්වා දෙයි.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට විරෝධය පළ කරමින් විදුලි සේවක වෘත්තීය සමිති විසින් අරඹා ඇති ක්‍රියාමාර්ග තීව්‍ර කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
විදුලිබල අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සියලු වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර ඇති බවත්, රටට වැදගත් වන ආයෝජන සහන සහ පාරිභෝගික සහන සැලසීම සඳහා මෙම පියවර අත්‍යවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කරයි.
කොළඹ දී මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව කියා සිටියේය.
2025 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:06
2025 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:06
2025 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:02
19-09-25
19-09-25
19-09-25
19-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25