2023 සැප්තැම්බර් 13, ප.ව. 12:58
යාපනය නල්ලූර් කෝවිලේ ඊයේ (12) රාත්රියේ පැවති විශේෂ දේව පූජාව අතරතුරදී දේව මෙහෙයට සහභාගී වූ බැතිමතුන්ගේ රන්මාල කැඩීමෙන් ඇති වූ නොසන්සුන් තත්වයක් පාලනය කල බවට යාපනය පොලීසිය පවසනවා.
ඊයේ (12) රාත්රියේ පැවති සප්පරම් දේව මෙහෙය සඳහා විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වීම හේතුවෙන් නල්ලූර් කෝවිල වෙතට ඇතුල් වීමට තිබූ මාර්ග පිරී යාමෙන් දැඩි තදබදයක් ඇතිවූවා.
එහිදී දේව මෙහෙයට පැමිණි බැතිමතුන්ගේ තදබදය හේතුවෙන් පැවති තත්වය අවස්තාවක් කරගත් කල්ලියක් විසින් තදබදයට මැදිව සිටි බැතිමතුන්ගේ රන්මාල කැඩීමත් සමග දැඩි නොසන්සුන් තත්වයක් හටගැනුණා.
පසුව එම අවස්ථාවේදීම ක්රියාත්මක වූ පොලිස් නිලධාරීන් විසින් රන්මාල කැඩූ කල්ලියේ සමාජිකයෙකු කොල්ලකන ලද රන් භාණ්ඩද සමගින් අත්අඩංගුවට ගෙන පැවති තදබදයට විකල්ප මාර්ග ඔස්සේ බැතිමතුන්ට ගමන්කිරීමට අවස්ථාව ලබාදී තත්වය පාලනය කිරීමට පියවර ගන්නා ලදි.
මේ අතර යාපනය පොලීසිය නල්ලූර් කෝවිලේ දේව මෙහෙයන්ට සහභාගී වන බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ දේව මෙහෙයන්ට සහභාගී වීම සඳහා පැමිණෙන අවස්ථාවේදී රන් ආභරණ පැළඳ පැමිණීමෙන් වලකින ලෙසටයි.
2025 ජූලි 04, ප.ව. 12:56
2025 ජූලි 04, පෙ.ව. 9:20
2025 ජූලි 04, පෙ.ව. 12:31
2025 ජූලි 04, පෙ.ව. 12:30
2025 ජූලි 04, පෙ.ව. 12:24