2025 දෙසැම්‍බර් 18, ප.ව. 3:43
පසුගිය දිනවල රට පුරා ඇති වූ ගංවතුර, නායයෑම් සහ වර්ෂා ආපදාවලට රජයේ කළමනාකරණය අසමත් බවත්, ජනතාවගේ ජීවිත නැතිවීම් සාමාන්‍යකරණය කිරීමට රජය උත්සාහ දරන බවත් චෝදනා කරමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (18) පාර්ලිමේන්තුවේදී දැඩි විවේචන එල්ල කළේය.
ආපදාවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට මැදිහත් වූ සියලුදෙනාට ස්තූතිය පළ කරමින් ඔහුගේ කතාව ආරම්භ කළ නාමල් රාජපක්ෂ මහතා, අදටත් පාසල් සහ විහාරස්ථානවල කඳවුරු පවත්වාගෙන යන බව සඳහන් කළේය.
“රජය මේ ආපදාවන් සාමාන්‍යකරණය කිරීමට උත්සාහ දරනවා. මිලිමීටර් ගණන් කියවමින් මේක සාමාන්‍ය දෙයක් ලෙස පෙන්වන්න උත්සාහ කරනවා. පස් කන්දවලට යටවී ජීවිත නැතිවූවන්, ගංවතුරට ගසාගෙන ගියවුන් මීට කලින්ත් සිදුවී ඇති බව කියමින් ගැටලුවක් නැහැ වගේ මතයක් ගොඩනගන්න උත්සාහ කරනවා. ඒක සාධාරණ නැහැ. අහිංසක මිනිසුන්ගේ ජීවිත නැතිවී තිබෙනවා. කුඩා දරුවන් පවා පස් කන්දට යටවී මියගොස් තිබෙනවා”
ආපදාවන්ට වගකිව යුත්තන් සොයා බැලීමේදී රජය නිලධාරීන්ට බැණ වදිමින් සිටින බවත්, මහජන චන්දයෙන් තේරී පත්වූවන් තමයි ජනපතිගේ යටතේ විෂයභාර අමාත්‍යාංශ ක්‍රියාත්මක වන්නේ යැයිද ඔහු අවධාරණය කළේය.
“දැන් ආණ්ඩුවට අවුරුද්දක් පිරිලා. ආපදා සම්බන්ධ කමිටුවක්වත් ගෙනාවද? ඔබතුමාලාට මේක විහිළුවක්ද? ඇමතිතුමා හිනාවෙන්න එපා. අහිංසක මිනිසුන් මියගියේ ඔබතුමාලගේ අසමත්කම් නිසා. ජනාධිපතිගේ හිත රිදුණොත්, ඇමතිගේ හිත රිදුණොත් පොලිසිය, සීඅයිඩී ඔක්කොම එනවා. නමුත් අහිංසක මිනිසුන්ගේ හිත් හදන්න කවුරුවත් නැහැ. ඒවාට ආණ්ඩු නැහැ, නිලධාරීන් බිලිගන්නවා”
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් රම්බොඩ ගම්මාන ජනතාවට ලබාදුන් උපදෙස්වල අඩුපාඩුකම් පෙන්වා දුන් ඔහු,
“ගෙවල් පැලිච්ච අයට කිව්වා ගෙවල්වලට යන්න. 50 මිලිමීටර් අඩුවෙන් වැස්සොත් පොඩ්ඩක් බලන්න, 100ට වැඩිනම් පරිස්සම් වෙන්න, 150ට වැඩිනම් එන්න කියලා. ඒකද අනතුරු ඇඟවීම? නිලධාරීන් හිඟනම් ඒක විසඳන්න ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ”
ජනාධිපතිවරයා බොරු කියන බව ඔහුම පිළිගත් බවත්, ඒ සම්බන්ධයෙන් තමන් කිසිවක් නොකී බවත් පැවසූ රාජපක්ෂ මහතා, ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ අවංකව කටයුතු කරමින් ජනතාවගේ ගැටලු විසඳීමට පියවර ගන්නා ලෙසයි.
2025 දෙසැම්‍බර් 18, ප.ව. 6:53
2025 දෙසැම්‍බර් 18, ප.ව. 3:22
2025 දෙසැම්‍බර් 18, ප.ව. 1:09
2025 දෙසැම්‍බර් 18, පෙ.ව. 11:11
2025 දෙසැම්‍බර් 18, පෙ.ව. 9:59
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25