hit counter

2025 ඔක්‍තෝබර් මස 10 වන සිකුරාදා

2025 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:05



ජාතික ජන බලවේගයට ඡන්දය දුන් ජනතාවගෙන් කොටසක් විවිධ හේතු මත ආණ්ඩුවෙන් ඈත් වෙමින් සිටින අතර ඡන්දය නොදුන් කොටසක් ආණ්ඩුවට එකතුවෙමින් සිටින බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

ආණ්ඩුව කෙරෙහි පවතින වර්තමාන ජනප්‍රියත්වය පිළිබඳ මාධ්‍ය නැගූ පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.

“සමහර අනවබෝධයන් තුළ සමහර අය තුළ ආණ්ඩුවට තියෙන ඒ ආකර්ෂණය නැතිවෙන්න පුළුවන්. සමහර අය ගත්තොත් එහෙම විවිධ පෞද්ගලික අභිමතාර්ථ මුදුන්පත් කරගන්න ආණ්ඩුවත් එක්ක ගැටහැහිච්ච අය ඉන්නවා, ඒ පෞද්ගලික පරමාර්ථ මුදුන්පත් කරගන්න බැරිවෙනවායි කියන කාරණය දැනෙනකොට, පොදු අභිමතාර්ථත් එක්ක තමයි මේක යන්නෙ කියලා දැනෙනකොට ඒ අය ඈත වෙන්න පුළුවන්. එහෙම තියෙනවා, එහෙම නැත්තෙ නෑ.

හැබැයි ඒ වාගෙම තමයි මේ අලුත් වැඩසටහන් එක්ක අපි සම්බන්ධයෙන් සැකෙන් හිටපු ජනතාව – උදාහරණයක් ගත්තොත් විපක්ෂයේ අය විවිධ බොරු මතවාද ඇරියානෙ, දැන් අපි මේ ඉන්නෙ නුවරනෙ, දළදා මාළිගාවත් ඉවරයි කිව්වා, දළදා පෙරහැරත් ඉවරයි කිව්වා, පන්සල් පල්ලි ඉවරයි කිව්වා, වාහන දෙකක් තියෙනවා නම් එකක් ගන්නවායි කිව්වා, කතන්දර ගොඩාක් කිව්වානෙ, මේක අමු කනත්තක් වෙනවා කිව්වානෙ.

මෙන්න මෙව්වා අහලා භීතියට පත්වෙච්ච ජනතාව හිටියා – ආන් ඒ ජනතාව දැන් දකිනවා ඇත්ත ඇති සැටියෙන්. ඉතින් මෙන්න මේකත් එක්ක කලින් මාලිමාවට ඡන්දය නොදුන්නු ජනතාව දැන් මාලිමාවේ ආණ්ඩුවත් එක්ක ගැටගැහෙනවා. ඒ වාගෙම ඡන්දය දුන්නු ජනතාව අන්න අර වාගෙ කියන විවිධ කාරණා මත ඈත් වෙන අයත් ඉන්නවා. ඒ නිසා කොටසක් ඉවත් වෙනවා, කොටසක් අලුතින් එකතු වෙනවා.”

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මේ බව පැවසුවේ ඊයේ (09) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“ඒක මෙහෙමයි, සමහර අනවබෝධයන් තුළ සමහර අය ආණ්ඩුවට තියෙන ඒ ආකර්ෂණය නැතිවෙන්න පුළුවන්. සමහර අය ගත්තොත් එහෙම විවිධ පෞද්ගලික අභිමතාර්ථ මුදුන්පත් කරගන්න ආණ්ඩුවත් එක්ක ගැටහැහිච්ච අය ඉන්නවා, ඒ පෞද්ගලික පරමාර්ථ මුදුන්පත් කරගන්න බැරිවෙනවායි කියන කාරණය දැනෙනකොට, පොදු අභිමතාර්ථත් එක්ක තමයි මේක යන්නෙ කියලා දැනෙනකොට ඒ අය ඈත වෙන්න පුළුවන්. එහෙම තියෙනවා, එහෙම නැත්තෙ නෑ. හැබැයි ඒ වාගෙම තමයි මේ අලුත් වැඩසටහන් එක්ක අපි සම්බන්ධයෙන් සැකෙන් හිටපු ජනතාව – උදාහරණයක් ගත්තොත් විපක්ෂයේ අය විවිධ බොරු මතවාද ඇරියානෙ, දැන් අපි මේ ඉන්නෙ නුවරනෙ, දළදා මාළිගාවත් ඉවරයි කිව්වා, දළදා පෙරහැරත් ඉවරයි කිව්වා, පන්සල් පල්ලි ඉවරයි කිව්වා, වාහන දෙකක් තියෙනවා නම් එකක් ගන්නවායි කිව්වා, කතන්දර ගොඩාක් කිව්වානෙ, මේක අමු කනත්තක් වෙනවා කිව්වානෙ. මෙන්න මෙව්වා අහලා භීතියට පත්වෙච්ච ජනතාව හිටියා – ආන් ඒ ජනතාව දැන් දකිනවා ඇත්ත ඇති සැටියෙන්. ඉතින් මෙන්න මේකත් එක්ක කලින් මාලිමාවට ඡන්දය නොදුන්නු ජනතාව දැන් මාලිමාවේ ආණ්ඩුවත් එක්ක ගැටගැහෙනවා. ඒ වාගෙම ඡන්දය දුන්නු ජනතාව අන්න අර වාගෙ කියන විවිධ කාරණා මත ඈත් වෙන අයත් ඉන්නවා. ඒ නිසා කොටසක් ඉවත් වෙනවා, කොටසක් අලුතින් එකතු වෙනවා”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: