hit counter

2024 සැප්‍තැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2024 ජූනි 25, පෙ.ව. 12:02



ඇමෙරිකාවේ නාසා ආයතනය පවසනුයේ තව වසර 14 කින්, එනම් 2038 වසරේ ජූලි 12 වැනිදා, දැවැන්ත ග්‍රාහක කොටසක් පෘථිවියේ ගැටීමට 72%ක සම්භාවිතාවක් පවතින බවයි.

එම ග්‍රාහකයේ විෂ්කම්භය මීටර් 80-800 (අඩි 262-2624) පමණ වියහැකි බවත් එය ඕනෑම ආකාරයක විනාශයක් කිරීමට ප්‍රමාණවත් බවත් නාසා විද්‍යාඥයින් පවසයි.

ග්‍රාහකයන් ගැටීමෙන් පෘථිවිය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් මේරිලන්ඩ් හි  ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශය සමඟ පැවැත් වූ විශේෂ වැඩමුළුවකදී නාසා ආයතනය මෙම අනාවරණය සිදුකළ බව වාර්තා වේ.

තාරකා විද්‍යාඥයන්, තාරකනා භෞතික විද්‍යාඥයන් ඇතුළු ඇමෙරිකන් හමුදා අංශ ප්‍රධානීහු ද මෙම වැඩමුළුවට සහභාගී වූ අතර ඔවුන් ග්‍රාහක සම්බන්ධයෙන් ඔවුන් සතු දැනුම සහ දත්ත සෙසු පිරිස සමඟ සාකච්ඡා කළහ.

එම ග්‍රාහකය 2038 ජූලි 12 වැනිදා පෘථිවියට ලම්බකව පැමිණෙනු ඇති බවත්, එය පෘථිවියේ ගැටීමේ ප්‍රතිශතය සියයට 72 ක් බවත් පරිඝනක ත්‍රිමාණ රූප සටහන් ඔස්සේ පෙන්වා දුනි.

මෙම ග්‍රාහකය නියත වශයෙන්ම ගැටේනම්, පෘථිවිය විනාශ වී යාමෙන් බේරාගැනීම සඳහා ඇති විකල්ප සහ තාක්ෂණයන් සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ග වශයෙන් සාකච්ඡාවට ලක්වූ බවද වාර්තා වේ.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: