hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2025 නොවැම්‍බර් 14, පෙ.ව. 12:15



ආණ්ඩුව පෞද්ගලික අංශයේ වතු කම්කරු ජනතාවට රජයේ බදු මුදල්වලින් වැටුප් ගෙවීමට විප්ලවීය තීන්දුවක් ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිලනත්ති කොට්ටහච්චි පවසයි.

ඊට එරෙහි අදහස් දක්වන අයට හෘද සාක්ෂියක් සහකම්පනයක් තෙතමනයක් නැතිදැයි මන්ත්‍රීවරිය ප්‍රශ්න කරයි.

මහපොළ ශිෂ්‍යත්වය රු. 10 000 දක්වා ඉහළ නැංවීම නිසා සිය වියදම් පියවාගෙන සිය නංගි මල්ලිටත් මුදලක් යැවීමට විශ්වවිද්‍යාල සිසුන්ට හැකියාව ලැබී ඇති බව ද කොට්ටහච්චි ප්‍රකාශ කරයි.

රටේ චින්තනය රටේ නායකයාගේ චින්තනයෙන් පෙනෙන බවත් රටේ නායකයා තිරිසනුන් ගැන පවා හිතන නායකයෙකු බව වීදි සුනඛයන් වෙනුවෙන් මුදල් වෙන්කිරීමෙන් තහවුරු වන බවත් ඇය අවධාරණය කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: