2023 ජූලි 20, පෙ.ව. 11:49
මොළය මිය ගිය රෝගියකුගේ ඇස් හා වකුගඩු වෙනත් රෝගීන් සිව් දෙනෙකු සඳහා බද්ධ කිරීමට ලබා ගැනීම පෙරේදා (18) දින උඩුගම රෝහලේදී සිදු කළ බව උඩුගම රෝහලේ වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.
මේ අයුරින් මොළය මියගිය රෝගියකුගෙන් අවයව ලබා ගැනිම සිදුවුයේ උඩුගම රෝහල් ඉතිහාසයේ පළමු වතාවට බවද වෛද්‍ය අධිකාරිවරයා සදහන් කළා.
මෙම මහඟු පුණ්‍යකර්මය සඳහා තම සිරුරේ අවයව ලබා දෙමින් දායකත්වය සපයනු ලැබුවේ 2/169, නයාදොළ, අලපලාදෙණියෙහි පදිංචිව සිටි එල්.ප්‍රේමවතී මහත්මියයි.
මියගිය තැනැත්තියගේ අවයව භික්ෂුන් වහන්සේ නමක් ඇතුළු රෝගින් තිදෙනෙකුට බද්ධ කිරිම සදහා ජාතික අවයව මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බවද රෝහල් වෛද්‍ය අධිකාරිවරයා පැවසුවා.
මේ සදහා උඩුගම රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ජේ. පිරසාන්තන් කායික රෝග විශේෂඥ වෛද්‍ය ලක්මාල් විතානගේ යන මහත්වරුන් මූලික වී කටයුතු කරනු ලැබුවා.
මොළය මිය ගොස් සිටි මෙම රෝගියා අවයව ලබා ගැනීම සඳහා ඉතාමත් සුදුසු අයෙකු බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව වෛද්‍ය ඩබ්.සඳුනි වික්‍රමසිංහ මහත්මියගේ සම්බන්ධීකරණය යටතේ ඉදිරි ක්‍රියාමාර්ගයන් ක්‍රියාත්මක වුණා.
එහිදී අවයව ලබා ගැනීමේ ක්‍රියාවලිය සඳහා ජාතික අවයව මධ්‍යස්ථානය නියෝජනය කරමින් ජාතික රෝහලෙහි විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් කුමාරසිංහ මහතා ප්රමුඛ කණ්ඩායම මහඟු දායකත්වයක් ලබා දෙනු ලැබුවා.
.අක්ෂි ලබා ගැනීම සඳහා හෙද නිලධාරී ඩබ්ලිව්.එච්. එන්. කේ.වන්නිආරච්චි මහතා ප්රමුඛ කණ්ඩායමක් විසින් සිදු කරණු ලැබුවා.
මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා දැඩි සත්කාර ඒකක කාර්යය මණ්ඩලය මෙන්ම ශල්‍යාගාර කාර්යය මණ්ඩලය ද තම උපරිම දායකත්වය ලබා දුන් බව උඩුගම රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා පවසනවා.
2025 ජනවාරි 27, ප.ව. 6:07
2025 ජනවාරි 27, ප.ව. 5:37
2025 ජනවාරි 27, ප.ව. 5:24
2025 ජනවාරි 27, පෙ.ව. 11:29
2025 ජනවාරි 27, පෙ.ව. 10:56