2026 පෙබරවාරි 14, පෙ.ව. 12:11
ජංගම දුරකථනය අස්ථානගතවීමකදී හෝ සොරකම් කිරීමකදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව මහජනතාව දැනුවත් කිරීම සඳහා පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම ජංගම දුරකථන නැතිවීම්, අස්ථානගතවීම් සහ සොරකම් කිරීම් සම්බන්ධ පැමිණිලි විශාල සංඛ්‍යාවක් දෛනිකව වාර්තාවේ. ජංගම දුරකථනයක් නැතිවීමෙන් අස්ථානගතවීමෙන් හෝ සොරකම් කිරීමෙන් එම දුරකථනය වෙනත් පාර්ශ්වයක් අතට පත්වීම නිසා යම් අවභාවිතාවක් සිදුවීමේ හැකියාව ඇත.
පළමුව සිම්පත අක්‍රීය කිරීම. (සිම්පත ලබාගත් සේවා සපයන ආයතනය හරහා මෙම අක්‍රීය කර ගැනීම සිදුකළ හැක.)
එහිදී තෙවන පාර්ශ්වයකට ජංගම දුරකථනය නීති විරෝධී, සමාජ විරෝධී සහ අනීතික කටයුතු සඳහා යොදා ගැනීමේ හැකියාව අහිමි වේ. සිම්පත අක්‍රීය කිරීම හරහා වෙනත් පාර්ශ්වයකට ලැබෙන්නා වූ එම ජංගම දුරකථනය නැවත සොයා ගැනීමටද පහසු වනු ඇත.
ජංගම දුරකථනයක් නැති වූ හෝ අස්ථානගත වූ විටෙකදී සොරකමට භාජනය වූ ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන විට IMEI අංකය සඳහන් කිරීම වැදගත් කරුණකි.
තවද ශ්‍රී ලංකා පොලිසිය මගින් මෘදුකාංගයක් හරහා ජංගම දුරකථන සොයා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති අතර ඒ සඳහා ineed.police.lk නම් වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි විය හැක.
එම වෙබ් අඩවියට පිවිස දැනුම් දීමෙන් අනතුරුව ඒ හරහා ශ්‍රී ලංකා පොලිසිය කඩිනමින් අදාළ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත.
2024 වසරේදී අස්ථානගත වූ දුරකථන 2796 ක් නැවත සොයාගෙන හිමිකරුවන්ට භාරදීමට ශ්‍රී ලංකා පොලිසියට හැකිවී ඇත. එමෙන්ම 2024 දී සොරකම් කරන ලද ජංගම දුරකථන 928ක දත්ත නිවැරදිව සම්පූර්ණවීම හේතුවෙන් මහජනතාවට ලබාදීමට ක්‍රියාකර ඇති අතර එම අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කර ඇත.
එමෙන්ම 2025 වසරේදී අස්ථානගත වූ දුරකථන 2355ක් නැවත සොයාගැනීමට හා සොරකම් කරන ලද දුරකථන 1019 ක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසියට හැකිවී ඇත. තවද යම් අයකුට හිමි නැති දේපළක් හමුවූ විට කඩිනමින් ළඟම තිබෙන පොලිස් ස්ථානයට හෝ පොලිස් නිලධාරියකුට එම දේපළ භාරදී සහතිකයක් හෝ සටහනක් ලබාගැනීම හෝ පැමිණිල්ලක් ආශ්‍රයෙන් ඒ පිළිබඳ දැනුම් දීමේ හැකියාව ඇත.
තමාට අයත් නොවන දේපළක් තමා භාරයේ තබා ගැනීම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ සාපරාධී සාවස පරිහරණය නමැති අපරාධමය වරදක් සංස්ථාපනය වේ. මෙහිදී වසර 02 ක සිරදඬුවමකට යටත්වීමේ හැකියාව ඇත. යම් පුද්ගලයකු සොරාගත් ජංගම දුරකථනයක් හෝ වෙනත් දේපළක් අඩු මිලට ලබාදීම හේතුවෙන් එය මිලදී ගෙන සොරබඩු ළඟතබා ගැනීම මගින් එම පුද්ගලයා වරදකට වරදකරුවකු වන අතර වසර 03ක කාලයක් සිර දඬුවම් විඳීමට සිදුවනු ඇත. නව ජංගම දුරකථනයක් මිලදී ගැනීමේදී I need system නමැති මෘදුකාංග මගින් Find Genuine Phone යන සංකල්පය හරහා එම ජංගම දුරකථනය සම්බන්ධයෙන් පොලිස් ස්ථානයකට පැමිණිල්ලක් ලැබී ඇත්ද, එය සොරකම් කරන ලද ජංගම දුරකථනයක් ද යන්න තොරතුරු පහසුවෙන් සොයා ගැනීමේ හැකියාව ඇත. ඒ අනුව පුද්ගලයන් විසින් ඉදිරියේදී මිලදී ගනු ලබන ජංගම දුරකථන පිළිබඳවත්, එම ස්ථාන පිළිබඳවත් දැඩි අවධානය යොමුකළ යුතු බව පොලිසිය මහජනතාවට දැනුම් දෙයි.
2026 පෙබරවාරි 14, පෙ.ව. 12:35
2026 පෙබරවාරි 14, පෙ.ව. 12:33
2026 පෙබරවාරි 14, පෙ.ව. 12:27
2026 පෙබරවාරි 14, පෙ.ව. 12:10
2026 පෙබරවාරි 14, පෙ.ව. 12:09
25-01-26
25-01-26
10-09-25
10-09-25
04-08-25
04-08-25
02-08-25
02-08-25
09-06-25
09-06-25