2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:03
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇත.
දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව ක්‍රියාත්මක කිරීම පිණිස පියවර කිහිපයක් ගෙන ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ අනුව (TRCSL) දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ (Number Portability -NP) සේවාව ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.
පළමුව කොමිෂන් සභාව විසින් දුරකථන ක්‍රියාකරු සමාගම් සමඟ සාකච්ඡා පවත්වා දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා සැලැස්මක් සකස් කර ඇති අතර 2021 වසරේදී මහජන උපදේශන පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කර අදාළ සියලුම පාර්ශ්වකරුවන්ගේ අදහස් මේ සඳහා ලබා ගෙන ඇත.
පසුව විදුලි සංදේශ ක්‍රියාකරුවන් සමඟ සාකච්ඡා කර සුදුසු තාක්ෂණික ආකෘතිය තීරණය කරන ලද අතර දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව ක්‍රියාත්මක කිරීම සහ පරිපාලනය කිරීම පිණිස සියලුම ස්ථාවර සහ ජංගම දුරකථන ක්‍රියාකරුවන්ගේ සහභාගීත්වයෙන් ලංකා නම්බර් පෝර්ටබිලිටි සර්විසස් (ගැරන්ටි) ලිමිටඩ් නමින් සමාගමක් ස්ථාපනය කර ඇත.
එම කොමිෂන් සභාව විසින් දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලපත්‍රය මෙම සමාගම වෙත ප්‍රදානය කර ඇති අතර දුරකතන ක්‍රියාකරු සමාගම් සමඟ සම්බන්ධීකරණයෙන් සකස් කරන ලද දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ රීති සහ මාර්ගෝපදේශ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාදි ඇත.
දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ ක්‍රමය ස්ථාපනය කිරීම සහ දුරකතන ක්‍රියාකරු සමාගම්වල ජාල වැඩිදියුණු කිරීම අවසන් වූ පසු දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:08
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:05
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:04
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:02