hit counter

2026 මාර්තු මස 08 වන ඉරිදා

2025 දෙසැම්‍බර් 07, පෙ.ව. 12:04



ජල ගැලීම්වලට හසුවූ නිවාසවල විදුලිය භාවිත කිරීමේදී වඩාත් සැලකිලිමත් වන මෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය ඉල්ලීමක් කර‍යි.

එසේම මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපති ලු‍තිනන් ජනරාල් ලසන්ත රුද්‍රිගෝ ප්‍රකාශ කළේ ත්‍රිවිධ හමුදාවේ 38,800 ක් තවදුරටත් ආපදා සහන සේවාවල නිරත වන බවයි.

මේ අතරතුර අයහපත් කාලගුණයෙන් හානි වූ මාර්ග 185කට අධික සංඛ්‍යාවක් රථවාහන ගමනාගමනය සඳහා විවෘත කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි කියා සිටියේ හානි සිදුවූ පාලම් වෙනුවෙන් තාවකාලික පාලම් 7ක් ස්ථාපිත කර ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: