2026 මාර්තු 24, පෙ.ව. 12:35
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පලකිරීමක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
“ප්‍රවේශම් වන්න, අප රටේ මෙම ආර්ථික අර්බුදකාරී අවස්ථාවේ අප කවුරුත් දැනගත යුතු සිත්හි තබා ගත යුතු වැදගත් කරුණු කිහිපයක් පිළිබද ඔබ සැමගේ දැඩි අවධානය යොමු කරන මෙන් කාරුණිකව දන්වා සිටිමු” යනුවෙන් සඳහන් කරමින් මහජනතාවට මඟ පෙන්වීමක් සිදු කරන ආකාරයට සකස් කර ඇති මෙම පණිවිඩය, කිසිසේත්ම ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කරන ලද්දක් නොවන බව අවධාරණය කරයි.
ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජනතාව දැනුවත් කිරීමක් සිදු කරන්නේ නම්, එය පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් සිදුකරනු ලබන අතර නියමිත ලිපි ශීර්ෂය යටතේ මාධ්‍ය වෙත නිවේදනයක් ලෙස එය නිකුත් කරන බවද සඳහන් කරයි.
තවද ශ්‍රී ලංකා පොලිසියේ නිල Facebook ගිණුම සහ YouTube නාලිකාව ඔස්සේ දෛනිකව නිල පණිවිඩ යාවත්කාලීන කරන බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
පොලිස් ලාංඡනය හෝ නාමය භාවිතා කරමින් මෙවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම කිසියම් සැලසුම් සහගත ක්‍රියාවක් දැයි සොයා බැලීම සඳහා දැනටමත් අවශ්‍ය විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවද සඳහන් කරයි.
එනිසා සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන මෙවැනි පලකිරීම් සම්බන්ධව අවබෝධයෙන් සහ ඥානාන්විතව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය රටේ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
2026 මාර්තු 24, පෙ.ව. 12:34
2026 මාර්තු 24, පෙ.ව. 12:25
2026 මාර්තු 24, පෙ.ව. 12:16
2026 මාර්තු 24, පෙ.ව. 12:12
2026 මාර්තු 24, පෙ.ව. 12:12
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26