hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 ජූලි 11, ප.ව. 7:14



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් බැහැරව ගිය බවට තමන් බීබීසී ලෝක සේවාවට පවසා සිටියේ වැරදීමකින් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

මේ අතර BBC නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කළ ප්‍රකාශයේ ජනාධිපති රටින් පිට වුණා යැයි කි කතාව අත්වැරදීමකින් සිදු වූවක් බව කතානායකවරයාගේ සමීපතමයෙකු ඒෂියන් මිරර් වෙත පැවසුවා.

මේ අතර ANI සමග දුරකතනය ඔස්සේ සම්බන්ධ වෙමින් කතානායකවරයා සඳහන් කර ඇත්තේ බී.බී.සී. පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදී තමන් එලෙස ප්‍රකාශ කළේ වැරදීමකින් බවයි.

මේ පිළිබඳව ANI සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් ද තබා තිබෙනවා.