2023 අගෝස්තු 14, පෙ.ව. 1:18
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් සම්මතව තිබෙන දිවි නැගුම පනත උල්ලංඝනය කරමින් ආණ්ඩුව අස්වැසුම සුබසාධන සහනාධාර ගෙවීම රජයේ වාණිජ බැංකු වලට ලබා දීමට තීරණය කර තිබෙන බවත් ඒ ඔස්සේ මොවුන් උත්සහ කරන්නේ සමෘද්ධි බැංකු පද්ධතිය බිඳ දැමීමට බවත් සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන බැංකු හා මහා සංගම් කාර්යාල නිලධාරීන්ගේ සංගමයේ සභාපති එන්.ඒ.එම්.අයි.බී අබේසිංහ මහතා පවසනවා.
සමෘද්ධි බැංකු පද්ධතිය සතු අතිරික්ත මුදල් කෝටි ගණනක් රජයේ ප්‍රධාන බැංකු දෙකේ ආයෝජනය කරන තිබෙන බවත් මෙම මුදල් වල සැබෑ හිමිකරුවන් වන ලක්ෂ 41 ක් වන ගනුදෙනුකරුවන් ලවා ඉතා නුදුරේදීම ඒවා සමෘද්ධි බැංකුවට ලබා ගැනීමට පියවර ගන්නා බවත් ඒ මහතා සඳහන් කළා.
මහනුවර දී ඊයේ (13) සමෘද්ධි බැංකු හිමිකරුවන්ගේ ජනතා හඬ මැයෙන් පැවැති මාධ්‍ය හමුවක දී අබේසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.
අදාළ මුදල් ලබා ගැනීමෙන් පසු වාණිජ බැංකු වලට වඩා අඩු පොළියට ගනුදෙනු කරුවන්ට ණය ලබා දෙමින් අත්තනෝමතික ලෙස තීරණ ගෙන සමෘද්ධි බැංකු බිඳ දැමීමට කටයුතු කරමින් සිටින ආණ්ඩුවේ මහදැන මුත්තලාට අපූරු පාඩමක් කියදෙන බවද සභාපතිවරයා කියා සිටියා.
දිවි නැගුම පනත පැත්තකට දමා ජනපතිවරයාටත් මුදල් රාජ්‍ය අමාත්‍ය සේමසිංහ මහතාටත් කැබිනට් මණ්ඩලයටත් අවශ්‍ය ලෙස තීන්දු තීරණ ගැනීමට නොහැකි බවත් රජය විසින් සපයනු ලබන සහනාධාර මුදල් වෙනුවෙන් ගිණුම් පවත්වාගෙන යෑම දිවි නැගුම ප්‍රජා මූල සංවිධාන බැංකු මගින් කළ යුතු බව පනතේ පැහැදිලිව දක්වා තිබෙන බවත් කී අබේසිංහ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු දේශපාලන පක්ෂයක් මේ සම්බන්ධයෙන් හඬ නොනැගීම තුළ 225 ම එකයි ලෙස ජනතාව කරන චෝදනාව තවදුරටත් තහවුරු වන්නේ යැයි ද අවධාරණය කළා.
රජයේ සහනාධාර වැඩපිළිවෙළ සමෘද්ධි බැංකු වලින් ඉවත් කර වාණිජ බැංකු වෙත ලබාදීමේ ලොකුම වුවමනාව ඇතිව තිබෙන්නේ හිටපු සමෘද්ධි ඇමැතිවරයෙකු වන ෂෙහාන් සේමසිංහට බව ද ඒ මහතා පැවසුවා.
ගනුදෙනු කරුවන් හතළිස් එක් ලක්ෂයකට අයිති රුපියල් බිලියන 700 ක පමණ වත්කම් සමෘද්ධි බැංකු 1089 ක් සතුව තිබෙන බවත් මේවා රැක ගැනීම සඳහා දිවි හිමියෙන් සටන් කරන බවත් අබේසිංහ මහතා කියා සිටියා.
සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහා සංගම් කාර්යාල හා ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඩී.එම්.ඒ.වී බස්නායක කතා කරමින් සමාජ සුබසාධන ප්රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයාගේ තක්කඩි තීරණ නිසා අස්වැසුම ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ බවත් බැංකු ගිණුමේ රුපියල් ලක්ෂ 80 ක් තිබෙන අයෙකු ද අස්වැසුම ලබා දීමට නිර්දේශ කර තිබූ බවත් පැවසුවා.
කෝටි ගණන් මහජන මුදල් වැයකර අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ වැඩපිළිවෙළ සමාජ සුබසාධන ප්රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා ක්‍රියාත්මක කළේ කිරි දරුවෝ වැනි ළමයි යොදාගෙන බවත් අසත්‍ය තොරතුරු ලබා දුනහොත් රජයේ ක්ෂේත්‍ර නිලධාරීන් හිරේ දමන බවට නීති ගෙන ආ රජය දැන් මෙම ත්‍ය තොරතුරු ලබා දුන් පිරිසට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව විමසිල්ලෙන් සිටින බවත් වැරදි තීරණ නිසා අපතේ ගිය මුදල් එම තීරණ ගත් අයගෙන් අයකර ගත යුතු බවත් හෙතෙම අවධාරණය කළා.
සමෘද්ධි අධ්යක්ෂ මණ්ඩල සාමාජික එම්.ජී ආනන්ද මහතා සමෘද්ධි බැංකු වල නියම හිමිකරුවන් වන්නේ කොටස් හිමි ගනුදෙනු කරුවන් බැවින් කිසි ලෙසකින් හෝ බැංකු වැසි යාමට ඉඩ නොදෙන්නේ යැයි ප්‍රකාශ කර සිටියා.
දැනට ඇති නවීන පරිගණක පද්ධතිය තවදුරටත් යාවත්කාලීන කරමින් ගනුදෙනුකරුවන්ට ඇප් එකක් ඔස්සේ තමන් පදිංචි ග්‍රාම නිලධාරී වසමේ සිටම බැංකු කටයුතු සිදුකර ගැනීමට පහසුකම් සලසන්නේ යැයි ද ඒ මහතා කීය.
රජයේ සේවකයින්, තරුණ ප්‍රජාව, සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත කරුවන් සඳහාද තම බැංකු මගින් නුදුරේදීම අඩු පොලී ණය ක්‍රියා වලියක් ආරම්භ කරන බවද හෙතෙම පැවසුවා.
2024 දෙසැම්බර් 23, ප.ව. 5:10
2024 දෙසැම්බර් 23, ප.ව. 4:55
2024 දෙසැම්බර් 23, ප.ව. 4:06
2024 දෙසැම්බර් 23, පෙ.ව. 11:12
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:34