2025 පෙබරවාරි 03, පෙ.ව. 11:40
ජාතික හෙද පුහුණු කිරීමේ නිලධාරීනී පුෂ්පා රම්‍යා ද සොයිසා මෙනවිය “ලෝක සම්මානයක් හිමි කර ගත් ප්‍රථම හෙද නිලධාරිනිය” බවට පත් වෙමින් , එම සම්මානය ද රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ට්‍රැවිස් හෝටලයේ දී ඉකුත් 01/28 දින , ලෝකයේ රටවල් 52 ක නියෝජිතයන් පිරිසක් සහභාගීත්වයෙන් පැවති ලෝක සාම සමුළුවේ දී පුෂ්පා රම්‍යා ද සොයිසා මෙනවිය වෙත ( King Sany Wijaya International Award ) මෙම සම්මානය පිරි නමා තිබුණි.
මීට අමතරව තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනකු වන කළාවේදිනී ජානකී හිල් , ආචාර්ය අයි.වයි.එම්.අනීෆ් සහ අජිත් ආරියරත්න ද මෙම සමුළුවේ දී සම්මානයට බදුන් වී තිබූ අතර ඔවුන් ශ්‍රී ලංකාව තුළ දිගු කාළීන සිදු කළ සමාජ සේවා කටයුතු අගය කිරීම සදහා මෙම සම්මාන ඔවුන් වෙත ලබා දී තිබුණි.
මොවුන්ට ඉන්දුනීසියාවේ සැනී විජය රජතුමාගේ 95 වැනි උපන් දින උත්සවය ලෝකයේ ආරාධිත රාජතාන්ත්‍රිකයන් 2,500 කගේ සහභාගීත්වයෙන් , මෙම ලෝක සමුළුවට සමගාමිව පවත්වා තිබූ අතර , ඒ සදහා ද මෙම ශ්‍රී ලාංකිකයන් වෙත ආරාධනා හිමි වී තිබුණි.
මෙම සම්මාන දිනා ගත් පිරිස 02/01 දින පස්වරු 05.30 ට ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 365 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
ඔවුන් වෙත ආශීර්වාද කිරීම සදහා සර්ව ආගමික පූජා ප්‍රසාදීන් වහන්සේලා පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ලොබි ශාලාව වෙත පැමිණ සිටියහ.
2025 පෙබරවාරි 03, පෙ.ව. 11:46
2025 පෙබරවාරි 03, පෙ.ව. 11:34
2025 පෙබරවාරි 03, පෙ.ව. 11:09
2025 පෙබරවාරි 03, පෙ.ව. 10:52
2025 පෙබරවාරි 03, පෙ.ව. 10:06
03-02-25
03-02-25
03-02-25
03-02-25
03-02-25
03-02-25
03-02-25
03-02-25
02-02-25
02-02-25
02-02-25
02-02-25
02-02-25
02-02-25
02-02-25
02-02-25
02-02-25
02-02-25
02-02-25
02-02-25
01-02-25
01-02-25
01-02-25
01-02-25