2025 නොවැම්‍බර් 28, පෙ.ව. 12:00
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකලපුව සිට 120 km ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 6.7°N සහ දේශාංශ 82.1°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇත. එය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇත.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 200 ට වැඩි ඉතා තද වැසි සහ, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් බදුල්ල සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල හමන පැ.කි.මී. (60-70) දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. 80 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැක.
තද වැසි සහ තද සුළං මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
2025 නොවැම්‍බර් 28, පෙ.ව. 12:18
2025 නොවැම්‍බර් 28, පෙ.ව. 12:11
2025 නොවැම්‍බර් 28, පෙ.ව. 12:08
2025 නොවැම්‍බර් 28, පෙ.ව. 12:08
2025 නොවැම්‍බර් 28, පෙ.ව. 12:07
27-11-25
27-11-25
27-11-25
27-11-25
27-11-25
27-11-25
26-11-25
26-11-25
25-11-25
25-11-25
24-11-25
24-11-25
23-11-25
23-11-25
22-11-25
22-11-25
18-11-25
18-11-25
16-11-25
16-11-25
14-11-25
14-11-25
13-11-25
13-11-25