hit counter

2026 ඔක්‍තෝබර් මස 24 වන සෙනසුරාදා

2025 නොවැම්‍බර් 28, පෙ.ව. 12:11



මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා විසින් වේරහැර ප්‍රධාන කාර්යාලය හා දිස්ත්‍රික් කාර්යාලවල මාර්ගගත (Online) රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ සේවා සැපයීම තාවකාලිකව අක්‍රිය වී ඇති බව ප්‍රකාශ කරයි.

ඒ අනුව පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බවද අමරසිංහ මහතා වැඩිදුරටත් පවසයි.

එසේම තත්ත්වය කඩිනමින් යථාවත් කිරීමට පියවර ගනිමින් සිටින බවද දැනුම් දෙයි.

එතෙක්, මාර්ග අපගත (Offline) දිස්ත්‍රික් කාර්යාල වල රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම සිදු කරනු ලබන බව අමරසිංහ මහතා වැඩිදුරටත් දන්වා සිටියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: