2025 මාර්තු 07, පෙ.ව. 12:25
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව නීතිය හමුවට රැගෙන යාම වැළැක්වූ බවට තමාට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.
අල්ජසීරා නාලිකාවේ මාධ්‍යවේදී මේදි හසන් මෙහෙයවනු ලැබූ මෙම සාකච්ඡාව අතරතුර ඇති වූ උණුසුම් තත්වයක් මත සාකච්ඡාව ආරම්භ වී මිනිත්තු 8ක් පමණක් ගත වී තිබියදී තමා එම ස්ථානයෙන් ඉවත්ව යන බවටද රනිල් වික්‍රමසිංහ මහතා තර්ජනය කර ඇති බව වාර්තා වෙනවා.
2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සහ ඊට රජයේ නිලධාරීන්ගේ තිබිය හැකි සම්බන්ධතා නිසි ලෙස විමර්ශනය කිරීමට තම රජය අපොහොසත් වූ බවට එල්ල වන චෝදනා ද ප්‍රතික්ෂේප කරන බව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පවසා ඇති බව සඳහන්.
ගෝඨාභය රාජපක්ෂට නඩු පැවරීමෙන් වැළකී සිටීමට උදව් කළේ දැයි විමසූ විට, අදාළ නීතිමය තීරණ ගනු ලබන්නේ දේශපාලනඥයන් නොව නීතිපතිවරයා බවද රනිල් වික්‍රමසිංහ පැහැදිලි කර තිබූ අතර 2022 වසරේදී දී පළවා හරින ලද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර දීමේ තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසා තිබුණේ, නෛතික වශයෙන් ගෝඨාභය රාජපක්ෂට චෝදනා නොතිබූ හෙයින් එය වැළැක්වීමට තමාය අයිතියක් නොමැති බවයි.
එවැනි දෙයක් වැළැක්වීමට තරම් තමා එකාධිපති නායකයෙක් නොවන බවද රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.
මෙම සාකච්ඡාව අතරතුර, පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ඇතැම් බලවේග ආරක්ෂා කිරීමට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය උත්සාහ ගත් බවට කතෝලික පල්ලියෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමසා ඇති අතර එම චෝදනා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කර තිබුණේ, ඒවා විකාරසහගත චෝදනා බවත් එම චෝදනා කතෝලික පල්ලියේ දේශපාලනය විසින් මෙහෙයවන බවත් සඳහන් කරමින්.
එමෙන්ම 1980 දශකයේ අගභාගයේදී බටලන්ද ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් තුළ තරුණයින් රඳවා ගනිමින් වධ හිංසාවට කිරීම සිදු වූයේ එවකට රජයේ අමාත්‍යවරයෙකු වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුදැනුමෙන් යුතුව බවට කරුණු හෙළිදරව් කරනු ලැබු විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම් සභා වාර්තාව සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍යවේදියා රනිල් වික්‍රමසිංහගෙන් කරුණු විමසීමක් සිදු කර තිබුණා.
එම අවස්ථාවේදී සම්මුඛ සාකච්ඡාව ඉතා උණුසුම් ස්වරූපයක් ගෙන ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව පවසා තිබෙනවා.
පළමුව රනිල් වික්‍රමසිංහ මහතා බටලන්ද ඝාතන සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම් සභා වාර්තාවක් ඇති බව නොපිළිගන්නා බව පැවසූවත් අල්ජසීරා මාධ්‍යවේදීයා එම සාකච්ඡාවට පැමිණ තිබුණේ අදාළ වාර්තාවද අතැතිවයි.
අනතුරුව රනිල් වික්‍රමසිංහ එම වාර්තාවේ වලංගුභාවය ප්‍රශ්න කර ඇති අතර ඔහු පවසා ඇත්තේ, එය කිසි විටෙකත් පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ලක් කර නොමැති බවයි.
2025 මාර්තු 07, පෙ.ව. 12:31
2025 මාර්තු 07, පෙ.ව. 12:29
2025 මාර්තු 07, පෙ.ව. 12:27
2025 මාර්තු 07, පෙ.ව. 12:27
2025 මාර්තු 07, පෙ.ව. 12:24
07-03-25
07-03-25
07-03-25
07-03-25
06-03-25
06-03-25
06-03-25
06-03-25
06-03-25
06-03-25
05-03-25
05-03-25
05-03-25
05-03-25
05-03-25
05-03-25
05-03-25
05-03-25
05-03-25
05-03-25
04-03-25
04-03-25
04-03-25
04-03-25