2025 අප්‍රේල් 23, ප.ව. 12:43
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද්ව ඊයේ (22) රාත්‍රී 9.20 ට පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.
අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ, ඩෑන් ප්‍රියසාද්ව රෝහලට රැගෙන එන විට අසාධ්‍ය තත්ත්වයේ සිටි බවත් ඔහුගේ පපුවට හා උරහිසට මෙම වෙඩි පහරවල් එල්ලවී තිබූ බවයි.
ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍ය කාර්යමණ්ඩලය උත්සාහ දැරූ බවත් නමුත් එම වෑයම සාර්ථක නොවූ බවයි රුක්ෂාන් බෙල්ලන මහතා පවසන්නේ.
පසුව රාත්‍රී 11.20 ට පමණ ඔහු ජීවිතක්ෂයට පත්වූ බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
කෙසේවෙතත් ඩෑන් ප්‍රියසාද් මියයාමට පෙර ඔහු දැඩි සත්කාර ඒකකයේ සිටින විට රාත්‍රී 10ට පමණ ඔහු මියගොස් ඇති බවත් සිරුර මෘත ශරිරාගරයේ තිබෙන බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළා.
ඉන් අනතුරුව නැවතත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, වෙඩි වැදිමෙන් තුවාල ලැබු ඩෑන් ප්‍රියසාද් මියගිය නොගිය බවත් ඒ වන විට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකර ලබමින් සිටින බවයි.
2025 අප්‍රේල් 23, ප.ව. 6:53
2025 අප්‍රේල් 23, ප.ව. 6:06
2025 අප්‍රේල් 23, ප.ව. 5:24
2025 අප්‍රේල් 23, පෙ.ව. 11:55
2025 අප්‍රේල් 23, පෙ.ව. 7:35
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
19-04-25
19-04-25
12-04-25
12-04-25
08-04-25
08-04-25
08-04-25
08-04-25
08-04-25
08-04-25
08-04-25
08-04-25
08-04-25
08-04-25
08-04-25
08-04-25