hit counter

2026 ජනවාරි මස 17 වන සෙනසුරාදා

2025 නොවැම්‍බර් 30, පෙ.ව. 12:22



සුඛෝපභෝගී කැබ් රථ 1775ක් මිලට ගැනීමට වෙන්කළ රු. මිලියන 12500ක මුදල ආපදාවෙන් විපතට පත් ජනතාවගේ සහන කටයුතු සඳහා වෙන් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුවෙන් ඉල්ලයි.

විශාල ඛේදවාචකයක් සමග රටට දැවැන්ත අභියෝගයක් එල්ල වී ඇති අවස්ථාවක ප්‍රමුඛතාව විය යුත්තේ කැබ් රථ නොවන බවයි, විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

අදාළ මුදල විපතට පත් ජනතාවට සහන ලබා දීම සඳහා වෙන්කිරීමට අයවැය යෝජනා සංශෝධනය සඳහා විපක්ෂයේ සහයෝගය ලබා දෙන බව ද සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.

ඔහු මේ බව කියා සිටියේ විපතට පත් ජනතාවගේ සුවදුක් සොයා බැලීම සඳහා සහන සේවා මධ්‍යස්ථානවල නිරීක්ෂණ චාරිකාවකට එකතු වෙමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: