2025 අගෝස්‍තු 25, පෙ.ව. 9:27
කොළඹ කොල්ලුපිටියේ පිහිටි සුපිරි හෝටලයක මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණා විපක්ෂයේ දේශපාලන පක්‍ෂ ඒකාබද්ධව මෙම මාධ්‍ය හමුව පවත්වන බවට ප්‍රකාශ කර තිබුණත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෝ පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ ඊට සහභාගී වී තිබුනේ නැත.
තනි දේශපාලන පක්ෂයක් ලෙස සමගි ජන බලවේගයේ ඉදිරි පෙළ නායකයින් කිසිවෙකු ඊට සහභාගී නොවූ අතර රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සඳහා කවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා පමණක් පැමිණ සිටියා.
නමුත් ඔහුටද අදහස් දැක්වීමට මෙම මාධ්‍ය හමුවේ අවස්ථාවක් ලබා දී තිබුණේ නැහැ.
පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද මාධ්‍ය හමුව අතරමැද ඊට එක් වූ නමුත් ඔහුද කිසිදු අදහසක් පල නොකිරීම විශේෂත්වයක්.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊට සහභාගි වූ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නිවේදනයක් එවා ඇතැයි කියමින් එය මාධ්‍ය හමුවේදී ප්‍රකාශයට පත් කෙරුණා.
එහි ප්‍රධාන කථිකයා බවට පත්වූ මහාචාර්ය ජී එල් පීරිස් හිටපු මන්ත්‍රීවරයායි. අධිකරණයේ තීරණය විවේචනයට ලක් කරමින් කරුණු ඉදිරිපත් කළ ජී එල් පීරිස් මහතා ඉන්දියාවේ පුවත්පතක පළ වූ බව කියන ලිපියක් උපුටා දක්වමින් කියා සිටියේ එම ලිපියට අනුව වික්‍රමසිංහ මහතා නිල ඇරයුමක් මත මෙම විදේශ සංචාරයේ නිරත වූ බවයි.
2025 අගෝස්‍තු 25, පෙ.ව. 11:27
2025 අගෝස්‍තු 25, පෙ.ව. 10:55
2025 අගෝස්‍තු 25, පෙ.ව. 9:30
2025 අගෝස්‍තු 25, පෙ.ව. 12:15
2025 අගෝස්‍තු 25, පෙ.ව. 12:11
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
23-08-25
23-08-25